දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්!
පුද්ගල ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව වාර්තා වේ.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් කතානායකවරයා වෙත භාරදීමට ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් පසුගිය දා කටයුතු කර තිබුණු අතර ඔහුව පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව ලබන මස 8 හෝ 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
මේ අනුව පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
TODAYS TRENDING NEWS