රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශවල මුළු සේවකයින් සංඛ්‍යාව 1,150,000 ඉක්මවයි.

Government Employee Sri Lanka Government Of Sri Lanka Sinhala news
By Kaushi Apr 29, 2025 05:24 AM GMT
Kaushi

Kaushi

Report

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ සිදුකළ සංගණනයේ මුලික වාර්තාවට අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,156,018ක් වන බවට වාර්තා වේ.

එම සේවකයින්ගෙන් සියයට 50.5ක් පිරිමි පුද්ගලයින් වන අතර කාන්තාවන් සියයට 49.5ක් වන බව සඳහන් වෙයි.

2016 වර්ෂයෙන් පසුව සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ ආයතනවල සේවකයින්ගේ සංගණනය පසුගිය වසරේ සිදුකර තිබෙනවා. එහිදී රාජ්‍ය අංශයේ සේවකයින් 938,763 දෙනෙකු සහ අර්ධ රාජ්‍ය අංශයේ 217,255 දෙනෙකු සිටින බව අනාවරණය වී ඇත.

වසන්ත සජිත්ට කින්ඩි දාපු හැටි

වසන්ත සජිත්ට කින්ඩි දාපු හැටි


2016 වර්ෂයේ සිදුකළ සංගණනයට අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,119,475ක් වන අතර මෙවර සංගණනයේ දී එම සංඛ්‍යාව 46,543කින් ඉහළ ගොස් තිබෙනවා.

මෙම වාර්තාවට අනුව රාජ්‍ය අංශයෙන් වැඩිම සේවකයින් පිරිසක් මධ්‍යම රජය යටතේ සේවය කරනු ලබන අතර එය සියයට 59.5ක් වන බව සඳහන් වේ.

පොලිසියේ අයට පොලිසියෙන් තෑගි දෙන්න වැඩපිළිවෙලක්

පොලිසියේ අයට පොලිසියෙන් තෑගි දෙන්න වැඩපිළිවෙලක්


මෙම සංගණනය සඳහා සියලුම රාජ්‍ය හා ආර්ධ රාජ්‍ය අංශයේ ආයතන ආසන්න වශයෙන් 32,500ක් පමණ සංගණනයට ලක්කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් අර්ධ රාජ්‍ය ආයතනවල අනුබද්ධිත ආයතනවල සේවකයින් මෙම සංගණනයට ඇතුළත් කර නොමැති බව සඳහන් වේ.

ඊට අමතරව යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදා සේවනයින් ද මෙම සංගණනයට ඇතුළත් කර නොමැති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

අර්ධ රාජ්‍ය අංශයේ වතු ක්ෂේත්‍රයේ කම්කරුවන් ද මෙම සංගණනයට ඇතළත් නොවන බව සඳහන් වේ.

You may like this video

ReeCha