පොලිසියේ අයට පොලිසියෙන් තෑගි දෙන්න වැඩපිළිවෙලක්
පොලිස් මූලස්ථානය විසින් සිරි දළදා දැක්ම මංගල්‍යයේ විශේෂ රාජකාරි සඳහා වාර්තා කළ පොලිස් කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා වූ සියලුම පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක් පිරිනැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ කොට්ඨාස භාර නිලධාරීන් සහ පොලිස් ප්‍රධානීන් වෙත පෙරේදා (27 වැනිදා) මීට අදාළ නියෝගය නිකුත් කර ඇත.
පසුගිය 17 වැනිදා සිට පෙරේදා (27 වැනිදා) දක්වා මහනුවර ශ්‍රී දළදා ප්‍රදර්ශනය සඳහා සැදැහැවතුන් දස ලක්ෂයකට අධික පිරිසක් පැමිණි අතර ඉන් ලක්ෂ හයක පිරිසකට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට හැකි විය.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක පැවසුවේ මේ වෙනුවෙන් පොලිසියේ නිලධාරීන් දස දහසක් යෙදවූ බවයි.
ඒ අනුව මෙම නිලධාරීන් සඳහා විශේෂ ත්‍යාග මුදලක් පිරිනැමීමට යෝජනා කර ඇත.
එය අදියර තුනක් යටතේ සිදු කිරීමට නියමිතය.
ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂක පිරිමි හා කාන්තා නිලයන් සඳහා රුපියල් දොළොස් දහසක ත්‍යාගයක්ද, උප පොලිස් පරීක්ෂකවරුන් හා උප පොලිස් පරීක්ෂකවරියන් සඳහා රුපියල් එකොළොස් දහසක ත්‍යාගයක්ද, පොලිස් සැරයන් සහ පොලිස් කොස්තාපල් පිරිමි හා කාන්තා නිලයන් සඳහා රුපියල් දස දහසක ත්‍යාග මුදලක්ද පිරිනැමීමට නියමිත බවයි සදහන් වන්නේ.
එසේම පොලිස්පති නියෝගයේ සඳහන් වන්නේ මෙම නිලධාරින් විශේෂ රාජකාරී සඳහා යෙදවූ නිලධාරීන් පිළිබඳ ලේඛන කොට්ඨාස භාර පොලිස් අධිකාරි මගින් ප්‍රධාන ගණකාධිකාරී වෙත යොමුකළ යුතු බවයි.
කෙසේ නමුත් මෙම දීමනාව මහනුවර කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා යෙදවූ නිලධාරීන්ට නොගෙවීමට ද පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.
