PSL ශූරතාව ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායමට...තරගයේ වීරයා කුසල්

Report

PSL ශූරතාව දිනාගැනීමට ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව පාකිස්තාන් සුපර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දසවැනි අදියරේ ශූරතාව මෙසේ දිනාගැනීමට කුසල් ජනිත් පෙරේරා සහ භානුක රාජපක්ෂ නියෝජනය කළ මෙම කණ්ඩායම සමත් විය. ඔවුන් මෙසේ ජය ගත්තේ තියුණු තරගයකින් පසු ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින්.

අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)

අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)

තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් ක්වෙටා ග්ලැඩියේටර්ස් නායක පළමුන පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ ලාහොර් හී ගඩාෆි ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවති අවසන් තරගය දැක බලා ගැනීමට අතුරු සිදුරු නැතිව ක්‍රීඩා ලෝලීන්ගෙන් පිරි යන විටයි.

එසේම මෙහිදි කාගේත් අවධානයට ලක් වූ සිදුවීමක් ලෙස අවසන් තරගය ක්‍රීඩා කිරීමට ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කළ සිකන්දර් රාසා අවසන් තරගයේ කාසියේ වාසිය උරගා බැලිමට විනාඩි 10කට පෙර එංගලන්තයේ සිට පැමිණිම දැක්විය හැක.

එමෙන්ම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 201ක් ලබා ගෙන තිබෙනවා.

මෙහි දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ හසන් නවාස් ලකුණු 76 කුත් පන්දු යැවීමේදී නායක ෂහීන් ෂා අෆ්රිඩි කඩුලු 3ක් බිඳ හෙළා ඇත.

ඒ අනුව ලකුණු 202ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

මේ අතර කණ්ඩායම දිනුම කරා ගෙන ගිය කුසල් ජනිත් පෙරේරා පන්දු 31කින් නොදැවී ලකුණු 62ක් ලබා ගනිමින් අවසන් තරගයේ වීරයා ලෙස ද සම්මාන දිනා ගෙන තිබෙනවා.

ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් සහ හයේ පහර 4කින් ද වර්ණවත් වී ඇත.

තවද අවසන් මෙහොතේ කුසල් සමඟ එක්වූ සිකන්දර් රාසා ද පන්දු 7කින් ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය