ආයෙත් යුද්ධයකද ? ඊශ්‍රායලයට විරුද්ධව ඊශ්‍රායලය තුලම විරෝධතා

Report

ඊශ්‍රායලයේ ටෙල් අවිව්හී දැවැන්ත විරෝධතාවක් පවත්වා ඇත. ඒ ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා මැදිහත් වී ඒ සඳහා බල කරන ලෙසත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කිරීමට මැදිහත් ලෙසත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලමිනි.

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා මැදිහත් වන ලෙසත් ඒ සඳහා බල කරන ලෙසත් මෙන්ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කිරීමට මැදිහත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලමින් ඊශ්‍රායලයේ ටෙල් අවිව්හී දැවැන්ත විරෝධතාවක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊශ්‍රායල ධජ ඔසවමින් ප්‍රාණ ඇපකරුවන්ගේ ඡායාරූප සහති පුවරු ඇතැතිව ඊශ්‍රායල හමුදා මූලස්ථානයෙන් පිටත පොදු චතුරශ්‍රයක විරෝධතාකරුවන් රැස්ව විරෝධතාවයේ නිරත විය.

විදුලි ගාස්තු වැඩි කිරීමක්? යෝජනාව අනුමත වෙයිද?

විදුලි ගාස්තු වැඩි කිරීමක්? යෝජනාව අනුමත වෙයිද?

ගාසා නගරයට ප්‍රහාර එල්ල කිරීමේදී තම හිතවතුන්ට අනතුරක් සිදුවිය හැකි බව නිසා ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් සහ ඔවුන්ගේ ආධාරකරුවන් මෙම ඉල්ලීම කර ඇත.

එක්සත් ජනපදයට ජනාධිපතිවරයාට බලපෑම් කර දෙපාර්ශ්වයම නැවත සිය රටට ගෙන ඒමට හැකි පුළුල් ගිවිසුමකට එළැඹීමට සඳහා මෙම විරෝධතාව සංවිධානය කර ඇත.

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 48 දෙනෙකු රඳවා සිටින අතර ඊශ්‍රායල බලධාරීන් පවසන්නේ ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු පමණ තවමත් ජිවත් වන බවයි.

නාමල් - පද්මේ පැටලිල්ලට මහජන ආරක්ෂක ඇමතිගෙන් කියන කතා

නාමල් - පද්මේ පැටලිල්ලට මහජන ආරක්ෂක ඇමතිගෙන් කියන කතා

එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා ප්‍රතිඥා දී ඇති අතර ඔහුගේ දෙවන ධුර කාලයෙන් මාස 8කට ආසන්න කාලයක් ගත වී ඇතත් ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් මේ දක්වා සිදුකර නොමැත.