විදුලිබල සාකච්ඡාව මැද ලොක්කන්ට විරෝධය පා වෘත්තීය සමිති නායකයන් නැගිට යයි
මේවන විට විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අතර ඒ වෙනුවෙන් විදුලි වෘත්තීය සමිති හා විදුලබල මණ්ඩලයේ ප්‍රධානීන් අතර අද (20)පැවති සාකච්ඡාව අතරතුරේදී විදුලි වෘත්තීය සමිති සාමාජිකයන් සිය විරෝධය පළ කරමින් පිටව ගිය බව වාර්තාවේ.
මෙම සාකච්ඡාව අද (20) විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී පැවැත්වුණි. සාකච්ඡාව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අධ්‍යක්ෂවරයාද සභාගිවී සිටි බවත් ඔහුට විරෝධය පළකරමින් විදුලි වෘත්තීය සමිති සමාජිකයින් මෙලෙස ඉවත් වී තිබේ.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරු 25 දෙනෙකු සහ වෘත්තීය සමති නියෝජිතයින් තිදෙනෙකු සහභාගීවී සිටි බව සඳහන්ය.
විදුලි සේවකයින් විසින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය එළැඹෙන 21 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. එමෙන්ම විදුලි වෘත්තීය සමිති සඳහන් කරන්නේ, ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් 24 වනදා තීරණයක් ගැනීමට නියමිත බවය'