තෙල් සංස්ථාවේ අක්‍රමිකතා රැසක් එළියට, 60 දෙනෙක් තනතුරු අරන් තියෙන්නෙත් බොරු සහතික පෙන්නලා
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරීන් හැට දෙනෙක් පමණ විවිධ අක්රමිකතාවන්ට සම්බන්ධ බව හෙළිව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම විමර්ශනවලදී හෙළිව ඇත්තේ මේ අතරින් දාහත් දෙනෙක් සංස්ථාවේ වැටුප් ලබමින් දේශපාලන හිතවත්කම් මත සංස්ථාවෙන් පිට කටයුතු කර ඇති බවට අනාවරණය වී ඇති බවයි.
එසේම අනෙක් නිලධාරීන් හතළිස් තුන්දෙනාට විරුද්ධව තනතුරට ඉල්ලුම් කිරීමේ දී ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීම, තමන් අදාළ තනතුරට නුසුදුසු බව දැන දැනත් සේවයේ යෙදීම මෙන්ම අක්රමිකතාවලට සම්බන්ධ වීම යන චෝදනා එල්ල වී ඇති බව සඳහන්.
මෙම තොරතුරු හෙළිව ඇත්තේ ජනාධිපති විමර්ශන ඒකකය මගින් කර තිබෙන විමර්ශනයකින් බව පවසයි.
කෙසේ වෙතත් විමර්ශන වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායකට භාරදීමෙන් අනතුරුව අඳාළ නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගැනීමට නියමිතව ඇති බව සංස්ථා ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.