සෞදි අරාබියේ රියාද් අගනුවරට ප්රහාර - මුළු මැද පෙරදිගම ඇවිලෙයි
By Ashfa
යේමනයේ හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් (Riyadh) අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිලයක් සාර්ථකව ගුවනේදීම විනාශ කිරීමට සෞදි නායකත්වයෙන් යුත් හමුදා සන්ධානය සමත්ව තිබේ.
විදෙස් මාධ්ය වාර්තා කරන්නේ සෞදි අහස් ආරක්ෂක පද්ධති මඟින් මෙම ප්රහාරය වළක්වාලූ බව හමුදා සන්ධානයේ ප්රකාශක කර්නල් තුර්කි අල්-මලිකි (Turki al-Malki) තහවුරු කර ඇති බවයි.
යේමනයේ හවුතිවරුන්ට එරෙහිව සටන් කරන සෞදි නායකත්වයෙන් යුත් හමුදා සන්ධානය එහි මිසයිල දියත් කිරීම් සහ ගබඩා පහසුකම් කිහිපයකට පහර දුන් බව වාර්තා වේ. එමෙන්ම ඉරානයේ සහාය ලත් කණ්ඩායම රියාද් ජාත්යන්තර ගුවන්තොටුපළට නව ප්රහාරයක් එල්ල කළ බව වාර්තා වේ.