කළු ගඟ හා මහවැලි ගඟ ඉහළ යෑමෙන් රත්නපුර හා නාවලපිටිය පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක්

Report

කළු ගඟේ හා මහවැලි ගඟේ ජල මට්ටම් ඉහළ යමින් පවතින බැවින් රත්නපුර හා නාවලපිටියේ පහත්බිම් ප්‍රදේශ සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සදහන් කර ඇත.

  එමෙන්ම දැදුරුඔය, රාජාංගනය, තබ්බෝව, ඉඟිනිමිටිය ඇතුළු ජලාශ කිහිපයකද වාන් දොරටු විවෘත කිරීමේ ප්‍රමාණයන් වෙනස් කිරීමට සිදුවන බවද ඔහු සදහන් කරයි .

අයහපත් කාලගුණය පිළිබඳ දැනුම්දීම සඳහා අද (26) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි

කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් රත්නපුර නගරය හා පහළ ප්‍රදේශවල මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී ඇති බව ඔහු සදහන් කර තිබේ.

එමෙන්ම නාවලපිටියට ඇඳහැළුණු වර්ෂාවත් සමග එම ප්‍රදේශයේ මහවැලි ගඟ ආසන්නයේ සුළු ගංවතුර තත්ත්වය් දක්වා වර්ධනය වී ඇත.

කෙසේ නමුත් මහවැලි ගඟේ පහළ ප්‍රදේශය වන පේරාදෙණිය, ගම්පොළ මෙතෙක් ගංවතුර මට්ටමක් වාර්තා වී නොමැති බවත්, ඇඳහැලෙන් අධික වැසි සමග මෙම තත්ත්වය වෙනස්විය හැකි බවත් සඳහන් කළේය.

මේ අතර කැලණි ග‍ඟේ මෙන්ම අත්නගලු ඔයේ ජලයද සෙමෙන් වැඩිවීමක් තිබෙන බවත්, ඒ හේතුවෙන් ගම්පහ ඇතැම් පහත්බිම් ජලයෙන් යටවීමේ හැකියාවක් ඇති බවත් පැවසීය.

"වර්ෂාපතනයන් අනුව වාන් දොරටු විවෘත කිරීමේ ප්‍රමාණයන් වෙනස් කරන්න සිදුවෙනවා. විශේෂයෙන් දැදුරු ඔය, රාජාංගනය, ඉඟිනිමිටිය හා තබ්බෝව ජලාශ ආසන්නයේ ජීවත්වන ජනතාව අවධානයෙන් සිටින්න.

මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවල ලැබී ඇති වර්ෂාපතනයන් අනුව කෙටි කාලයකින් ඇදහැළුණු වර්ෂාපතනයන් තියෙන්නේ.

ඒ නිසා බොහෝ පහත්බිම් ක්ෂණිකව යටවීමේ හැකියාවක් තිබෙනවා එතුමා තව දුරටත් සදහන් කළේ මෙය මේ මොහොතේ පවතින තත්ත්වය අනුව දැනුම්දීමක් බව ඇඳහැලෙන වාර්ෂාවත් සමග මෙම දත්ත සම්පූර්ණයෙන් වෙනස්විය හැකි බවයි.

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට