හැටන් මානික්කාවත්තේ වතු නිවාස පේළියක ගින්නක් - නිවාස 03කට බරපතළ හානි

Report

හැටන් - දික්ඔය මානික්කාවත්ත ප්‍රදේශයේ වතු නිවාස පේළියක හටගත් හදිසි ගින්නකින් නිවාස 03ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලීසිය පවසයි.

අද (26) පස්වරුවේ වතු නිවාස 12කින් සමන්විත නිවාස පේළියක පිහිටි එක් නිවසකින් මෙම ගින්න හටගෙන තිබේ. ගින්න හටගන්නා අවස්ථාවේ පැවති දැඩි වර්ෂාව මධ්‍යයේ වතු කම්කරුවන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න අනෙකුත් නිවාස වෙත පැතිර යා නොදී පාලනය කිරීමට සමත්ව ඇත.

පවතින කාලගුණික තත්ත්වය මත සියලුම පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

පවතින කාලගුණික තත්ත්වය මත සියලුම පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

කෙසේ වෙතත්, මෙම ගින්නෙන් අදාළ නිවාස තුනේ පදිංචිව සිටි වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය ඇතුළු දේපොළ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට සැකකෙරෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු හැටන් පොලීසිය මගින් සිදුකරයි.

රිය පදවන ඔබට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් - අයහපත් කාලගුණයෙන් මාර්ග අනතුරු අවදානම ඉහළට

රිය පදවන ඔබට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් - අයහපත් කාලගුණයෙන් මාර්ග අනතුරු අවදානම ඉහළට