''සමාජ මාධ්‍ය කැළඹූ ‘වස් කවියක්’ ගැන බොරු වීඩියෝ පැතිරූ අයට වැඩ වරදීද?'' - CCIBයෙන් විමර්ශනයක්

Report

දෙමටගොඩ පොලිස් ස්ථානය අපකීර්තියට පත්වන ආකාරයෙන් අසත්‍ය තොරතුරු ඇතුළත් කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයකට අනුව, පොලිස්පතිවරයාගේ විශේෂ නියෝග මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

පසුගිය ඔක්තෝබර් 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ‘වස් කවියක් ලියූ’ බවට සැකකෙරෙන තරුණයෙකු දෙමටගොඩ පොලිස් ස්ථානයට කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත් බවට සඳහන් කරමින් අදාළ වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බව පොලීසිය පවසයි.

මෙම වීඩියෝව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, එය ප්‍රචාරය කිරීමේ කටයුතු සිදුකළ බව සඳහන් නීතිඥ සුදත් වික්‍රමරත්න මහතා අද (26) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවා තිබේ.

එහිදී ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

බෙංගාල බොක්කේ ‘අර්නබ්’ සුළි කුණාටුවේ බලපෑමෙන් අද හෙට අනිද්දා මි.මී.100 ත් 150 දක්වා වැසි

බෙංගාල බොක්කේ ‘අර්නබ්’ සුළි කුණාටුවේ බලපෑමෙන් අද හෙට අනිද්දා මි.මී.100 ත් 150 දක්වා වැසි

'බොරැල්ල ධනුෂ්ක'ගේ ගෝලයෙක් කුෂ් මත්ද්‍රව්‍ය සමඟ විශේෂ කාර්ය බලකායේ දැලට

'බොරැල්ල ධනුෂ්ක'ගේ ගෝලයෙක් කුෂ් මත්ද්‍රව්‍ය සමඟ විශේෂ කාර්ය බලකායේ දැලට