ජනතාව හා රියදුරන් ප්‍රවේශමෙන් - බස්නාගොඩ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

Report

අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍ය ප්‍රදේශවලට ලැබී ඇති අධික වර්ෂාපතනයත් සමඟ, බස්නාගොඩ ජලාශයේ වාන් දොරටු විවෘත කර ජලය මුදාහැරීම හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ යමින් පවතී.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන ගංඟා ජල මාපකවල දත්ත විශ්ලේෂණයට අනුව, ඉදිරි පැය කිහිපය තුළ පහත සඳහන් ප්‍රදේශවල අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතියි.

ඉදිරි පැය 24 අනතුරේ - කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශ අවදානමේ

ඉදිරි පැය 24 අනතුරේ - කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශ අවදානමේ

අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ - දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන, වත්තල මෙම තත්ත්වය හමුවේ අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත්, එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියැදුරන් ප්‍රවේශම් වන ලෙසත් ඉල්ලා සිටියි.

තවද, මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙතද දන්වා ඇත.