ඉදිරි පැය 24 අනතුරේ - කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශ අවදානමේ

Report

කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, පවතින වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තු ජල මාපක දත්ත විශ්ලේෂණය මත ඉදිරි පැය 24 තුළ කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා ඇත.

බලධාරීන් ඉල්ලා සිටින්නේ රුවන්වැල්ල, සීතාවක, දොම්පෙ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත්බිම්වල වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් අවදානයෙන් හා සැලකිල්ලෙන් කටයුතු කරන මෙන්ය.

රටේ පෙට්‍රල් හා ඩීසල් මිල අඩුවෙයිද? ලංකාවේ ඉන්ධන මිල ගැන චෝදනා

රටේ පෙට්‍රල් හා ඩීසල් මිල අඩුවෙයිද? ලංකාවේ ඉන්ධන මිල ගැන චෝදනා

තවදුරටත් වර්ෂාව අධික වුවහොත් හංවැල්ල ප්‍රදේශයෙන් පහළ කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශ වෙතද මෙම ගංවතුර තත්ත්වය ව්‍යාප්තවීමට ඉඩ ඇති බැවින්, අදාළ ආපදා කළමනාකරණ අංශ මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු සඳහා - පුරවැසියන් වෙනුවෙන් නව තීන්දුවක් ප්‍රකාශයට

ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු සඳහා - පුරවැසියන් වෙනුවෙන් නව තීන්දුවක් ප්‍රකාශයට