අයහපත් කාලගුණයෙන් තෙබුවන වතු නිවාස පෙළකට ගසක් කඩා වැටෙයි - පවුල් 05කට හානි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කළුතර, තෙබුවන, මාබඩවත්ත ප්රදේශයේ වතු නිවාස පෙළක් මතට විශාල ගසක් කඩා වැටීමේ අනතුරක් සිදුව තිබේ.
දොඩංගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 809A තෙබුවන බටහිර ග්රාම නිලධාරී වසමේ පිහිටි, දෙමළ පවුල් 13ක් ජීවත් වන මෙම නිවාස පෙළ මතට ගස කඩා වැටීම හේතුවෙන් පවුල් පහක් දැඩි පීඩාවට පත්ව සිටිති.
සිද්ධියෙන් අපහසුතාවයට පත් ජනතාවට අවශ්ය සහන සැලසීමට පියවර ගෙන ඇති අතර, කළුතර දිස්ත්රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය සහ දොඩංගොඩ ප්රාදේශීය සභාව එක්ව කඩා වැටුණු ගස ඉවත් කිරීමේ මෙහෙයුම් කඩිනමින් සිදුකරමින් පවතී.