යෝජිත ස්වැට් බද්ද නිසා තේ කර්මාන්තයට වෙන්න යන විනාශය
තේ කර්මාන්තකරුවන් විසින් යෝජනා වී තිබෙන ස්වැට් බදු ක්‍රමය නිසා තේ කර්මාන්තයට ඉදිරියේදී බලපෑම් රැසක් එල්ල වන බව ප්‍රකාශ කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය, සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානය සහ වතු හිමියන්ගේ සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ මෙම තත්ත්වය මත අමු දලු කිලෝවකට ලැබෙන මුදල රුපියල් 35 කින් අඩු විය හැකි බවයි.
එසේම කර්මාන්තශාලා හිමියන්ට නිමි තේ කිලෝවකට ලැබෙන මුදල රුපියල් 60 කින් පමණ අඩුවිය හැකි බවත් අඳාළ නිවේදනයේ කියා ඇත.
ඒ අනුව කුඩා හා මධ්‍ය පරිමාණ වතු හිමියන්ගේ සංගමයේ ලේකම් උෂාන් සමරසිංහ මහතා පවසා ඇත්තේ මෙම බදු අය කිරීමෙන් 2030 වසර වනවිට මෙරට නිමි තේ කිලෝග්‍රෑම් මිලියන 400 ක් අපනයනය කිරීමේ අපේක්ෂිත ඉලක්කය වෙත ළඟාවීමද බරපතල අභියෝගයක් වන බවයි.