සීගිරියේ ගල් පඩි පෙළ ගෙවෙනවලු - යකඩ පඩි පෙළක් දාන්න යෝජනා

Sigiriya Hiniduma Sunil Senevi Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 04, 2025 06:30 PM GMT
Hashini

Hashini

Report

සීගිරිය ගල් පඩිපෙළ වේගයෙන් ගෙවෙමින් ඇතැයි බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.

සංචාරකයන් විශාල පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණීම හේතුවෙන් මෙලෙස ගල් පඩිපෙළ ගෙවීමට ලක්ව ඇතැයි කී ඒ මහතා ගල් පඩිපෙළ තව කොපමණ කාලයක් භාවිත කළහැකි දැයි කාල නිර්ණය කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇතැයි ද පැවසුවා.

ජපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ඉල්ලා අස්‌ වෙයි

ජපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ඉල්ලා අස්‌ වෙයි

සීගිරියේ ගල් පඩි ඉවත්කර ඒ වෙනුවට ග්‍රැනයිට් පඩිපෙළක් යෙදීම හෝ ගල් පඩිවලට ඉහළින් යකඩ පඩි පෙළක් යෙදීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි ද හෙතෙම පැවසුවා.

ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට හැටක් (60%) ක් පමණ සීගිරිය නැරඹීමට පැමිණෙන බවත්, ලබන වසරේදී (2026) පමණක් සීගිරියට සංචාරකයන් ලක්ෂ 18ක් පමණ පැමිණෙතැයි බලාපොරොත්තු වන බවත්ය.

ගාලුමුවදොර ආයෙත් උණුසුම් වෙයි

ගාලුමුවදොර ආයෙත් උණුසුම් වෙයි

ReeCha