ගාලුමුවදොර ආයෙත් උණුසුම් වෙයි

Report

අද (04) දින පස්වරුවේ කොළඹ, ගාලුමුවදොර පිහිටි අනවසර වෙළෙඳසැල් ඉවත් කිරීමට වරාය කළමනාකරණ උපදේශ සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

මෙම උණුසුම් තත්ත්වයට හේතු වී ඇත්තේ සෞඛ්‍ය ආරක්ෂිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවසර ඇතිව වෙළෙඳ කටයුතු කිරීමේ අරමුණෙන් ගාලු මුවදොර වෙළෙඳුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමත් සමග බව සඳහන්.

වැලිගම මාලිමාවේ ඩ්‍රාමා එක එළිවෙයි පැහැර ගත්තෙ නෑ කැමැත්තෙන් නැග්ගේ සාක්ෂිකාරියක් කට අරී

වැලිගම මාලිමාවේ ඩ්‍රාමා එක එළිවෙයි පැහැර ගත්තෙ නෑ කැමැත්තෙන් නැග්ගේ සාක්ෂිකාරියක් කට අරී

මෙම තීරණයට කලක පටන් අඳාළ ප්‍රදේශයේ වෙළෙඳාමේ නිරතවන පිරිස් විරෝධය පළ කර තිබූ බව පවසයි.

එහෙත් අද පස්වරුවේ දී අඳාළ ස්ථානයට වරාය කළමනාකරණ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් පොලිස් නිලධාරීන් ද සමඟ පැමිණ සිට ඇත.

කෙසේ වෙතත් මෙහිදී වෙළෙඳුන් සඳහන් කළේ කලක සිට අඳාළ ස්ථානයේ වෙළෙඳාම් සිදුකළ බවයි.

තරහ වෙන්න එපා සම්මාන නම් එපා, අනුයි කනුයි එක්ක මුතුගලයි ඔෂානුයි කියන හේතුව

තරහ වෙන්න එපා සම්මාන නම් එපා, අනුයි කනුයි එක්ක මුතුගලයි ඔෂානුයි කියන හේතුව

එහෙත් මේ වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහතික ලබා ගැනීමට අවශ්‍ය බව කියා තමන්ව මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට සැරසෙන බවට ඔවුන් චෝදනා කරයි.

ඇති වූ තත්ත්වයත් සමඟ වරාය කළමනාකරණ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් වෙළෙඳුන්ට ලබන ඉරිදා දින තෙක් වෙළෙඳාම් කිරීමට අවසර දෙන බවට දන්වා තිබෙන බව පවසයි.  

ආයේ ali express එකෙන් ලංකාවට බඩු දෙන්නේ නෑ

ආයේ ali express එකෙන් ලංකාවට බඩු දෙන්නේ නෑ