සෞඛ්‍ය අංශ තහනමක් සම්බන්ධයෙන් ගල්කිරියාගම නගරයේ දෙපිරිසක් අතර උණුසුම් තත්වයක්..

Report

කාලයක පටන් ගල්කිරියාගම ගොවීන් පිරිසක් වී වේලිමට යොදාගත් බස් නැවතුම පිටුපස කොටසේ වී වේලීම සෞඛ්‍ය අංශ තහනම් කිරීමට නිසා ගල්කිරියාගම නගරයේ දෙපිරිසක් අතර උණුසුම් තත්වයක ඇති විය.

වතුර මෝටර් හොරකමේ ගිය මන්ත්‍රී බේබි මාට්ටු ..

වතුර මෝටර් හොරකමේ ගිය මන්ත්‍රී බේබි මාට්ටු ..

වී වේලා ගැනීමට ඇති එකම ස්ථානයට කලුතෙල් හලා තිබීමත් සෙෞඛ්‍ය බලධාරීන් එම ස්ථානයේ වී වේලීම තහනම් කිරීමත් හේතුවෙන් ගල්කිරියාගම ප්‍රදේශයේ ගොවි සංවිධාන 05ක පමණ ගොවීහු අපහසුතාවයට පත්ව සිටිති.

ගල්කිරියාගම වෙළඳ සංගමය මගින් සිදුකර පැමිණීල්ලක් අනුව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම තිරණය ගෙන ඇති බවත් ඊට අදාල දැන්වීමක්ද ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබිණි.

බලන්න පළමු වරට අඟහරු වලින් හමුවූ දේ..

බලන්න පළමු වරට අඟහරු වලින් හමුවූ දේ..

මෙම බස්නැවතුම්පොල භූමියේ බස් රථ හා මගීන් නොගැවසෙන පසුපස කොටසක මෙලෙස වී වේලීම සිදුකළ බවත්, ඒ අවට කිසිදු අයකුගේ හෝ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ විරෝධතාවයක් ඊට නොපැවති බවද අපහසුතාවයට පත් ගොවීහු පවසා සිටියෝය.