වතුර මෝටර් හොරකමේ ගිය මන්ත්‍රී බේබි මාට්ටු ..
By Piyumika
මාතලේ හෙට්ටිපොළ වනජීවී කාර්යාලයේ ළිඳක වතුර මෝටරයක් සොරාගෙන අලෙවි කළේ යැයි කියන විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු ඇතුළු තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව විල්ගමුව පොලිසිය පැවසීය .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු විසි එක සහ විසි හය වයස්වල පසුවන තරුණයන් දෙදෙනකි.
වතුර මෝටරය සොරාගෙන රුපියල් අනූ දහසක මුදලකට හසලක ප්‍රදේශයේ අයකුට අලෙවිකර තිබියදී සොයා ගැනීමට හැකි වී තිබේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මෙම තරුණයන් මීට පෙර ද සොරකම් කිහිපයක් සිදුකරගෙන තිබෙන බව ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට තොරතුරු ලැබී තිබෙන බව විල්ගමුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂකයන් චතුර ඒකනායක මහතා පැවැසීය.