බලන්න පළමු වරට අඟහරු වලින් හමුවූ දේ..
By Piyumika
කියුරියෝසිටි රෝවරය පළමු වරට අඟහරු මතින් සංශුද්ධ මූලද්‍රව්‍යමය සල්ෆර් ස්ඵටික (pure elementary Sulfur crystals) සොයාගැනීමට සමත්ව ඇති බව නාසා ආයතනය නිවේදනය කර තිබුණි .
එහිදී "පිරිසිදු සල්ෆර් වලින් සාදන ලද පාෂාණ ආකාරයේ කුටියක් සොයා ගැනීම කාන්තාරයේ ක්ෂේම භූමියක් සොයා ගැනීම හා සමානයි" යනුවෙන් කියුරියෝසිටි හි ව්‍යාපෘති විද්‍යාඥ, දකුණු කැලිෆෝනියාවේ NASA හි ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ Ashwin Vasavada පවසා සිටියේය .
අඟහරු ග්‍රහයා මත පවතින කියුරියෝසිටි රෝවරයේ පරමාර්ථය වනුවේ එම ග්‍රහයා මත පවතින භූමි ප්‍රදේශයන්හි ක්ෂුද්‍රජීවී ජීවයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දිය හැක්කේ කොතැනද සහ කෙසේද යන්න අධ්‍යයනය කිරීමය.