විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් බිහිසුණු ලෙස ඝාතනය කරලා - 21 හැවිරිදි බෑනා සහ 19 හැවිරිදි දියණිය අත්අඩංගුවට
යාපනය විශ්වවිද්‍යාලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ඇයගේ බෑනා විසින් පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය වාර්තා කරයි.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් 21 හැවිරිදි බෑනා සහ 19 හැවිරිදි දියණිය ත්‍රිකුණාමලයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර කථිකාචාර්යවරිය සහ ඇයගේ දියණිය පැහැරගෙන ගොස් ඇති බවට ඇයගේ පුත්‍රයා විසින් යාපනය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් සැකකාර බෑනා විසින් සිදුකළ පහරදීමකින් කථිකාචාර්යවරිය මියගොස් ඇති බව අනාවරණය වී ඇත.
පසුව මළ සිරුර යාපනය ප්‍රදේශයේ මඟ දමා ගොස් ඇති බව සැකකරු ප්‍රකාශ කර ඇති බව සඳහන්.
එමෙන්ම සැකකාර යුවල යන අතර මඟදී පරන්තන් ප්‍රදේශයේ ඒ.ටී.එම් (ATM) යන්ත්‍රයකින් මුදල් ලබාගෙන ඇති අතර, අනතුරුව ත්‍රිකුණාමලයේ පිරවුම්හලකින් ඉන්ධන ලබාගෙන ඇති බව හෙළි විය.
එසේම ඉන්ධන ලබාගැනීමට භාවිතා කළ QR කේතය සහ සී.සී.ටී.වී (CCTV) දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනාගැනීමට පොලිසියට සමත්ව ඇති බව සඳහන්.