ලෝක තෙල් මිලේ උණුසුම කොළඹ කොටස් වෙළෙඳපොළටත් දැනෙයි - කොටස් මිල සුළු පහළ යාමක්

Report

බටහිර ආසියානු කලාපයේ පවතින උණුසුම් තත්ත්වය සහ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ආයෝජකයන්ගේ විශ්වාසය පහළ යාමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ සඳුදා දිනයේදී පහළ ගොස් තිබේ.

වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ පවතින ජාත්‍යන්තර අවිනිශ්චිතතාව හේතුවෙන් ආයෝජකයන් කොටස් මිලදී ගැනීම වෙනුවට වඩාත් ආරක්ෂිත ආයෝජන වෙත යොමුවෙමින් සිටින බවයි.

එදින සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 170.60කින් පහළ ගොස් ඒකක 21,234.81කින් අවසන් වූ අතර, S&P SL20 දර්ශකයද ඒකක 43.39කින් පහළ ගොස් තිබිණි.

දවසේ සමස්ත කොටස් ගනුදෙනු වටිනාකම රුපියල් බිලියන 2.63ක් විය. ගනුදෙනු වූ සමාගම් අතරින් සමාගම් 184ක කොටස් මිල පහළ ගිය අතර, සමාගම් 60ක මිල ඉහළ ගොස් තිබුණි. සමාගම් 43ක් වෙනසකින් තොරව පැවති බව වාර්තා වේ.

නොගෙවා පැහැර හැරියොත් ඉවරයි - බදු වංචා සහ පැහැර හැරීම් නිසා ශ්‍රී ලංකා ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුම සංශෝධන කරයි

නොගෙවා පැහැර හැරියොත් ඉවරයි - බදු වංචා සහ පැහැර හැරීම් නිසා ශ්‍රී ලංකා ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුම සංශෝධන කරයි

රත්තරන් ගන්නද බලන් හිටියේ? මෙන්න අද ලංකාවේ රන්මිල

රත්තරන් ගන්නද බලන් හිටියේ? මෙන්න අද ලංකාවේ රන්මිල