ඩෙංගු වලට එරෙහි සටනට නව පියවරක් - ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

Report

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත වන ‘QDENGA’ එන්නත භාවිතය සඳහා අනුමත කර තිබේ. ඉන්දීය ඖෂධ පාලක ජෙනරාල්වරයා (DCGI) විසින් මෙම එන්නත සඳහා අවසර ලබා දී ඇති අතර, වයස අවුරුදු 4 සිට 60 දක්වා පුද්ගලයින් සඳහා එය භාවිත කළ හැකි බව සඳහන් වේ.

විශේෂත්වය වන්නේ මීට පෙර ඩෙංගු වැළඳී තිබුණද නොතිබුණද මෙම එන්නත ලබා ගැනීමට හැකි වීමයි. එමෙන්ම එන්නත ලබා දීමට පෙර ඩෙංගු ආසාදනය වී තිබේදැයි පරීක්ෂා කිරීමක් අවශ්‍ය නොවන බවද වාර්තා වේ.

QDENGA එන්නත මිලිලීටර් 0.5ක මාත්‍රා දෙකක් ලෙස මාස තුනක පරතරයකින් ලබා දෙනු ලබයි. 2022 වසරේ සිට මෙම එන්නත රටවල් 43ක අනුමත කර ඇති අතර, මේ වන විට ලොව පුරා එහි මාත්‍රා මිලියන 32කට අධික ප්‍රමාණයක් බෙදා හැර තිබේ.

කොංගෝවේ ඉබෝලා වසංගතය දරුණු අතට - මරණ සංඛ්‍යාව 930 ඉක්මවයි

කොංගෝවේ ඉබෝලා වසංගතය දරුණු අතට - මරණ සංඛ්‍යාව 930 ඉක්මවයි

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඩෙංගු බහුල ප්‍රදේශ සඳහා මෙම එන්නත නිර්දේශ කර ඇති අතර, පූර්ව පරීක්ෂණයක අවශ්‍යතාවක් නොමැති බැවින් එය පුළුල් ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සඳහා යොදා ගැනීමට හැකියාව පවතින බව සඳහන් වේ.

මෙම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ව සුදුසුකම් (WHO prequalification) ද හිමිව ඇති අතර, එමඟින් එහි ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තහවුරු කර ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඩෙංගු රෝගය පාලනය කිරීමේදී මෙම අනුමැතිය ඉන්දියාව ලබාගත් වැදගත් ඉදිරි පියවරක් බවයි.

මෙම අනුමැතිය ලබා ගැනීමට පෙර, ඩෙංගු බහුල සහ ඩෙංගු නොමැති ප්‍රදේශවල පුද්ගලයන් 28,000කට අධික පිරිසක් සම්බන්ධ කර ගනිමින් අදියර I, II සහ III යටතේ සායනික පරීක්ෂණ 19ක් සිදු කර තිබේ.

විශේෂයෙන්ම වයස අවුරුදු 4ත් 60ත් අතර පුද්ගලයන්ගේ ආරක්ෂාව සහ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය ඇගයීම සඳහා ඉන්දියාවේ සිදු කළ ‘Phase III DEN-302’ සායනික පරීක්ෂණයේ ප්‍රතිඵලද මෙම අනුමැතිය සඳහා වැදගත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“මේක නගරයක්ද ඉඟුරු කෑල්ලක්ද” - නගරයේ පාරවල් ඉඟුරු වලට සමාන කළ ඉන්දිය තරුණිය

“මේක නගරයක්ද ඉඟුරු කෑල්ලක්ද” - නගරයේ පාරවල් ඉඟුරු වලට සමාන කළ ඉන්දිය තරුණිය