හදිසියේ විදේශ සංචාරයක නිරත වූ නාමල් හා ලිමිණි - මෙන්න විස්තරේ

Report

පොදු ජන බලවේගය පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ලිමිනි රාජපක්ෂ පසුගිය සතියේ අනපේක්ෂිත විදේශ සංචාරයක නිරත වූ බව අනාවරණය වී තිබේ.

ඔවුන් දෙදෙනාම පසුගිය සතියේ මුලදී පළමු වරට මාලදිවයිනට ගොස් ඇත. එය සාමාන්‍ය සංචාරයක් නොවීය, ඔවුන් ගියේ මාලදිවයිනේ හිටපු ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සොලිහ්ගේ දියණියගේ විවාහ උත්සවයට සහභාගී වීමටය.

පාසලක හදිසි තත්ත්වයක් - සිසුන් 22ක් ආහාර විෂ වීමෙන් රෝහලේ

පාසලක හදිසි තත්ත්වයක් - සිසුන් 22ක් ආහාර විෂ වීමෙන් රෝහලේ

කෙසේ වෙතත්, සංචාරය එතැනින් අවසන් නොවීය. මාලදිවයිනේ විවාහ උත්සවයෙන් පසු නාමල් රාජපක්ෂ කෙලින්ම සිංගප්පූරුව බලා පිටත් විය. ඔහු සිංගප්පූරුවේ පැවති ගෝලීය ආර්ථික සහයෝගීතා නැගෙනහිර සමුළුව ඇමතීමට එහි ගියේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු එහි විශේෂ කතාවක් ද පවත්වා ඇති බව වාර්තා වේ.