කොළඹ කොටුවේ දුම්රියක් පීලි පැන වේදිකා දෙකක් අවහිර වෙයි

Report

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් වේදිකා දෙකක දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

කොළඹ කොටුවෙන් පස්වරු 4.45ට රඹුක්කන බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1164 දුම්රිය, ප්‍රමාද වී වේදිකාවට ඇතුළත් කිරීමට උත්සාහ කිරීමේදී පස්වරු 4.35ට පමණ මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත.

අනතුරින් එම දුම්රියේ එක් මැදිරියක රෝද දෙකක් පීලිවලින් ඉවතට පැන ඇති බව වාර්තා වේ. මීට පෙර පසුගිය 7 වැනිදාද මෙම දුම්රියම සමාන ආකාරයකින් පීලි පැනීමකට ලක්ව තිබූ බව සඳහන් වේ.

මෙම සිදුවීම හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා දෙකක් සම්පූර්ණයෙන් අවහිර වී ඇති අතර, දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය බලධාරීන් කටයුතු කරමින් සිටී. මේ හේතුවෙන් සවස් කාලයේ ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක සුළු ප්‍රමාදයක් ඇති විය හැකි බව දුම්රිය බලධාරීන් සඳහන් කරයි.

ලෝක තෙල් මිලේ උණුසුම කොළඹ කොටස් වෙළෙඳපොළටත් දැනෙයි - කොටස් මිල සුළු පහළ යාමක්

ලෝක තෙල් මිලේ උණුසුම කොළඹ කොටස් වෙළෙඳපොළටත් දැනෙයි - කොටස් මිල සුළු පහළ යාමක්

නිරිතදිග මෝසම සක්‍රීයයි – තද සුළං අවදානමක් ඇති දිස්ත්‍රික්ක මෙන්න

නිරිතදිග මෝසම සක්‍රීයයි – තද සුළං අවදානමක් ඇති දිස්ත්‍රික්ක මෙන්න