වැඩි වැටුපකට රජයේ රැකියාවක් - මෙන්න දැන්ම අයදුම් කරන්න

Report

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පුරප්පාඩුවී ඇති සාමාජික ධුරය සඳහා අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් තීරණය කර ඇත ඒ අනුව අදාල අයදුම්පත්‍රය ජූලි 31වෙනි දින හෝ ඊට පෙර යොමු කළ යුතුය.

ඊට අදාළ අයදුම්පත්‍ර, පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි 'ක්ෂණික පිවිසුම්' යටතේ 'ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම' නමින් පළ කර ඇති අයදුම්පත්‍රයට අනුකූලව පිළියෙළ කරනු ලැබීය. යුතුය.

ඒ අනුව නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.

මෙම පුරප්පාඩු සඳහා 2026 අප්‍රේල් 24 දින පුවත්පත් සහ ගැසට් පත්‍රයේ පළ කරන ලද දැන්වීම් හරහා මීට පෙර අයදුම්පත් කැඳවන ලද අවස්ථාවේ අයදුම්පත්‍ර ඉදිරිපත් කරන ලද අයදුම්කරුවන් ද මේ සඳහා අයදුම් කරන්නේ නම්, නව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුය.

1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ 3 (1) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, මානව හිමිකම්වල අදාළ කාරණා සම්බන්ධයෙන් දැනුමක් හෝ ප්‍රායෝගික පළපුරුද්දක් ඇත්තා වූ තැනැත්තන් අතුරින් තෝරා ගනු ලබන සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත විය යුතුය.

පොලිස් කොමිසමේ සාමාජිකයෙක් වෙන්න ඔබටත් අවස්ථාවක් - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් විශේෂ නිවේදනයක්

පොලිස් කොමිසමේ සාමාජිකයෙක් වෙන්න ඔබටත් අවස්ථාවක් - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සාමාජිකයන් කැඳවීම සිදු කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසිනි.