සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 15ක් අත්අඩංගුවට

Report

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු සමඟ සමීප සබඳතා පැවැත්වූ සැකකරුවන් 15 දෙනෙකු, තියුණු ආයුධ සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සන්තකයේ තිබූ කඩු පහක් සහ ලක්ෂ අටක් පමණ වටිනා අයිස් ග්‍රෑම් 40ක් පොලිසිය භාරයට ගෙන ඇත. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද (21) පෙරවරුවේ, රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අසල නිවාස සංකීර්ණයකදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මාරක අනතුරක් - මව හා දියණිය මරුට

මාරක අනතුරක් - මව හා දියණිය මරුට

අත්අඩංගුවට ගත් සැකකරුවන් විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන එල්ලාවල ධර්මසිරි පෙරේරා (ඇල්ටෝ ධර්මය) සහ කුරුවිට ආරච්චිලාගේ කවිදු ධනංජය යන අය සමඟ සමීප සබඳතා පවත්වා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම පිරිස අතර කාන්තාවක් ද සිට ඇති අතර ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉරාන තෙල් වෙළඳාම යළි ඇරඹේ – ඉන්දියාව තෙල් මිලදී ගැනීමට සූදානම්

ඉරාන තෙල් වෙළඳාම යළි ඇරඹේ – ඉන්දියාව තෙල් මිලදී ගැනීමට සූදානම්