කීර් ස්ටාමර් බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි - චාල්ස් රජුට ලිපියත් භාරදෙයි
By Malith Madushan
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් මහතා චාල්ස් රජු හමුවී සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් පසු, අගමැති ධුරයෙන් නිල වශයෙන් ඉවත් වී තිබේ.
බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කීර් ස්ටාමර් මහතා අද (20) උදෑසන රජු හමුවී සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම භාරදුන් බවත්, එය රජු විසින් පිළිගත් බවත්ය.
ඒ අනුව, වසරකට අධික කාලයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කීර් ස්ටාමර් මහතාගේ ධුර කාලය අවසන් වී ඇත.මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කීර් ස්ටාමර් මහතාගෙන් පසු බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්න්හැම් මහතා පත්වීමට නියමිත බවයි.