නීති බිඳ දමමින් ලෝක කුසලාන ඉතිහාසයේ දීර්ඝතම ෂෝ එක පවත්වයි! මැඩෝනා, ෂකීරා එක්ව කළ පෙරළිය
ලෝක කුසලාන අවසන් මහා තරගයේ අර්ධ කාලීන සංදර්ශනය සංගීත හා විනෝදාස්වාදයෙන් පිරි විශේෂ අවස්ථාවක් බවට පත්වූ අතර, පොප් සංගීතයේ දැවැන්තයන් වන මැඩෝනා, BTS, ෂකීරා සහ ජස්ටින් බීබර් ඇතුළු ජාත්‍යන්තර තරු රැසක් එහි රංගනයෙන් දායක වූහ.
මැඩෝනා සිය ජනප්‍රිය "Music" ගීතය ඉදිරිපත් කළ අතර, එම අවස්ථාවේදී බ්‍රසීල පාපන්දු පුරාවෘත්තයන් වන රොනාල්ඩෝ සහ රොනාල්ඩිනෝ ද ක්‍රීඩාංගණයේ උමං මාර්ගයෙන් වේදිකාවට පිවිසීම විශේෂ අවධානයට ලක් විය.
මිනිත්තු 27යි තත්පර 22ක් පුරා පැවති මෙම අර්ධ කාලීන සංදර්ශනය ලෝක කුසලාන ඉතිහාසයේ දීර්ඝතම අර්ධ කාලීන විනෝදාස්වාද වැඩසටහන ලෙස වාර්තා විය. කෙසේ වෙතත්, එහි දිග පිළිබඳ විවාදයක්ද මතුව තිබේ. ජාත්‍යන්තර පාපන්දු සංගම් මණ්ඩලයේ (IFAB) නීති අනුව අර්ධ කාලයේ විවේකය උපරිම වශයෙන් මිනිත්තු 15කට සීමා විය යුතුය.
කොලොම්බියානු ගායිකා ෂකීරා සහ නයිජීරියානු සංගීතඥ බර්නා බෝයි පසුගිය මාසයේ මෙක්සිකෝ නගරයේ පැවති සමාරම්භක උත්සවයේ එක්ව කළ රංගනයෙන් අනතුරුව නැවතත් එකම වේදිකාවකදී ප්‍රේක්ෂකයන් ඉදිරියේ පෙනී සිටියහ. මේ අතර, දකුණු කොරියානු K-Pop සුපිරි කණ්ඩායම වන BTS, සාමාජිකයන්ගේ අනිවාර්ය හමුදා සේවය හේතුවෙන් වසර තුනක විරාමයකින් පසු නැවතත් ප්‍රසංග වේදිකාවට පැමිණීම ද විශේෂ අවධානයට ලක් විය.
මෙම අවස්ථාව නැරඹීම සඳහා කයිලි ජෙනර් සහ ටිමෝති චලමෙට්, බියොන්සේ සහ ජේ-සි ඇතුළු ජාත්‍යන්තර ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් ද ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ. තරගයට පෙර පැවති සමාප්ති උත්සවයේදී ජෙනිෆර් හඩ්සන් එක්සත් ජනපද ජාතික ගීය සජීවී සංගීත කණ්ඩායමක් සමඟ ගායනා කළාය.
ඉන් අනතුරුව ජනප්‍රිය නළු ටොම් කෲස් වේදිකාවට පැමිණ තරගය හඳුන්වා දෙමින් පාපන්දු ක්‍රීඩාවේ ලෝක එකමුතුව ගොඩනඟන බලය පිළිබඳ සංවේදී පණිවිඩයක් ලබා දුන්නේය.
"ලෝකයේ සෑම අස්සක් මුල්ලකම අපි ශ්‍රේෂ්ඨත්වය දුටුවා. අපි සතුටේ අවස්ථා එකට බෙදාගත්තා. පාපන්දු කියන්නේ වචනවලට සීමා නොවන, මිනිසුන් එකට බැඳ තබන විශ්ව භාෂාවක්," යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම ජනප්‍රිය ස්ට්‍රීමර් අයිෂෝස්පීඩ්, නිකොල් ෂර්සින්ගර්, රොබී විලියම්ස්, ලෝරා පෝසිනි සහ පෝස්ට් මැලෝන් ඇතුළු තවත් කලාකරුවන් රැසක් ද සිය රංගනයන් ඉදිරිපත් කරමින් ලෝක කුසලාන අවසන් මහා තරගයේ විනෝදාස්වාද අංගය වර්ණවත් කළහ.







