බෙහෙත් පෙති සදහා අවශ්‍ය කැල්සයිට් (කැල්සියම් කාබනේට්-CaCo3) නිෂ්පාදනය මෙරට දීම..

Calcite Calcium Carbonate CaCo3
By Thaya Jan 12, 2021 07:28 PM GMT
Thaya

Thaya

Report

කැල්සයිට් හෙවත් කැල්සියම් කාබෙනේට්-CaCo3 අප රටේ බලන්ගොඩ කල්තොට ප්‍රදේශයේ බහුලව ඇතත් මෙතෙක් ඒවා විදේශ රටවලින් ආනයනය කිරීම නිසා

විශාල මුදලක් විදේශ රටවලට ඇදී ගොස් තිබේ.

සියලුම බෙහෙත් පෙති වර්ග නිෂ්පාදනයෙ දී කැල්සයිට් (කැල්සියම් කාබනේට්-CaCo3) භාවිතා කරන අතර ඊට අමතරව තීන්ත, දත් බෙහෙත්, තෙල් ගවේෂණය,

කැනීම් කර්මාන්තය ප්ලාස්ටික්, දෘඩ පීවීසී පයිප්ප LDPE මාස්ටර් බැච් තීන්ත, තීන්ත,කුඩු ආලේපනය සහ පිඟන් මැටි වෙල්ඩින් රොඩ්ස් වාහන සහ ගෘහ භාණ්ඩ

සංයෝග. රබර් කර්මාන්තය සම් රෙදි කර්මාන්තය වැනි කර්මාන්ත සඳහා බහුලව කැල්සයිට් යොදා ගැනේ.

විශේෂත්වය වන්නේ අවුරුදු 200කට අවශ්‍ය තරම් මෙතෙක් මෙම සම්පත අප රටේ තිබිය දී ඒවා පිටරටින් ආනයනය කිරීමට කටයුතු කර තිබීමයි.බලංගොඩ කල්තොට කැල්සයිට් නිධියේ අඩංගු සම්පත් විදිමත් ලෙස භාවිතය සඳහා සියයට 100ක්ම රාජ්‍ය ආයතනයක් වන භූ විද්‍යා හා පතල් කැනීම් තාක්ෂණික උපදේශණ සමාගම වෙත පැවරීමට තීරණය කර තිබේ.

ඒ අනුව බලංගොඩ කැල්සයිට් නිධියේ කැණීම් මගින් දැනට හාරා පසෙක ගොඩ ගසා ඇති ටොන් 20,000ක් පමණ වන කැල්සයිට් තොගය පළමුවෙන්ම කැල්සයිට්

පවුඩර් වලට හැරවීමට රුපියල් මිලියන 100ක වියදමින් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධී ආයතනය විසින් මේ සම්බන්ධ පර්යේෂණ සිදු කර තිබෙන අතර භූ විද්‍යා පතල් කැණිම් තාක්ෂණික සේවා සමාගම හා එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඊයේ (09) පස්වරුවේ බලංගොඩ කල්තොට කැල්සයිට් නිධීයේ නිරීක්ෂණ කටයුතුවලට සහභාගි වු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සම්බන්ධව භුවිද්‍යා පතල් කාර්යාංශය, භූ විද්‍යා පතල් කැණිම් තාක්ෂණික සේවා සමාගම සහ පරිසර අමාත්‍යංශයේ නිලධාරින් සමග සාකච්ඡා කළේය.

ඒ අනුව ඔවුන් පෙන්වා දුන්නේ නැවත කැණීම් සිදු කිරීමට පෙර දැනට කැණීම් කර ඉවත දමා ඇති ටොන් 20,000ක් පමණ වන කැල්සයිට් තොගය කැල්සයිට් පවුඩර් බවට පත් කිරීම සඳහා මූලිකත්වය ලබා දී කටයුතු කළ යුතු බවයි.

එම නිසා කඩිනමින් මෙම ස්ථානයේ අදාල කර්මාන්ත ශාලාව ඉදි කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මේ රට තුළ සෑම වටිනා ඛනිජ සම්පතක්ම පවතින බවට තහවුරු වී තිබෙන අතර මෙතෙක් හඳුනා නොගත් තවත් ඛනිජ සම්පත් රැසක් පිළිබඳව ගවේෂණය කිරීම

සඳහා මේ වනවිට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ විද්‍යාඥයින් පර්යේෂණ අරඹා ඇති බවත් පැවසීය.

එමෙන්ම වාර්ෂිකව අප රටට ආනයනය කරන කැල්සයිට් ප්‍රමාණය හා ඒ සඳහා විදෙශ රටවල් වෙත ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය කෙතෙක්ද යන්න පිළිබඳ

වාර්තාවක් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිතුමා විසින් අපේ රටේ නිපදවිය හැකි සෑම දෙයක්ම අප රට තුළම නිෂ්පාදනය කළ යුතු යැයි ලබා දී ඇති උපදෙස් අනුව යමින් අපේ සෑම ඛනිජ වර්ගයකින්ම මේ රටට උපරිම ප්‍ර යෝජනය ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට භූ විද්‍යා පතල් කැණිම් තාක්ෂණික සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි නීතිඥ තුසිත අළුත්පටබැඳිගේ මහතා ඇතුළු පිරිසක් එක් වී සිටියහ.

Gallery