ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාරගේ ළඟම ඥාතීන්ට උපරිම සහය දැක්වීමට සුදානම් බව පාකිස්තානය කියයි(PHOTO)

sinhala news priyantha sialkot priyantha_inccident
By Gagana Dec 07, 2021 12:08 AM GMT
Gagana

Gagana

Report

මෙම ඝාතනයට එරෙහිව යුක්තිය ඉටු කරන්නැයි පාර්ශව කිහිපයක් අද ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කළා.

ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය පාකිස්තාන මහකොමසාරිස් තන්වීර් අහමඩ් පැවසුවේ ප්‍රියන්ත කුමාරගේ පවුලේ ළඟම ඥාතීන්ට හැකි උපරිම ලෙස සහය දැක්වීමට පාකිස්තානය සුදානම් බවයි.

එමෙන්ම යුක්තිය පසිදලනවා පමණක් නොව, යුක්තිය ඉටුවනවාත් ඔබට දකින්න හැකිවෙන බව ඔහු කියා සිටියේය.

එමෙන්ම ලෝක මුස්ලිම් කොංග්‍රසයේ පාකිස්තාන් මුස්ලිම් ලීගයේ සභාපති හුසේන් මෙහොමඩ් මහතා විසින් ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය වෙත සිය ශෝකය පල කර තිබේ.

එම ලිපිය පහතින්

2021 දෙසැම්බර් 06

හිතවත් හුසේන් මොහමඩ් සොහොයුර

පාකිස්තාන සමාගමක දශකයකට අධික කාලයක් සේවය කළ ලාංකික පුරවැසි ප්‍රියන්ත කුමාර මහතා අයුක්තිසහගත ලෙසින් හා කුරිරු ලෙසින් ඝාතණය කර දැමීම පිළිබඳ දැඩි ශෝකය හා කම්පාව ඔබ සමග බෙදා ගනු පිණිස මෙසේ මෙම ලිපිය ඔබට ලියමි.

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර ඉතා විශීෂ්ඨ ද්විපාර්ශවික සබඳතාවයක් පවතින බව අප දන්නා අතර මෙය මුළු ලොවම පිළිගෙන ඇත. මෙම සබඳතාවය තවත් වර්ධනය විය යුතුය යැයි අප ප්‍රාර්ථනා කරන අතර ඒ සඳහා සියලු දායකත්ව ලබා දෙන්නටද අප සුදානමින් සිටිමු. ප්‍රියන්ත මහතාගේ දිවිය බේරාගැනීමට තමන්ගේ ජීවිත පවා නොතකා උත්සාහ කළ ඔහුගේ පාකිස්තානු මිතුරන්ට දේශයේ ඉහළතම සම්මානවලින් පාකිස්තාන් රජය තුති පුදා ඇත.

අභාවයට ගිය ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන් කවුරුන් හෝ ඔබට හමු වුවහොත් කරුණාකර අපගේ ශෝකය හා සංවේගය ඔවුන්ට දන්වා සිටින්න. ස්තූතියි.

මෙයට සොවින් තැවෙන,

රාජා මුහමද් සවරුල් හක් (හිටපු සෙනේට් සභික)

මහ ලේකම්

ලෝක මුස්ලිම් කොංග්‍රසය

සභාපති පාකිස්තාන් මුස්ලිම් ලීගය

හුසේන් මොහමඩ් මහතා

සභාපති – ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය

අංක 10 රජපොකුණ මාවත

මාලිගාවත්ත ජාතික නිවාස සංකීර්ණය

කොළඹ 10 ශ්‍රී ලංකාව

ෆැක්ස් අංකය: 0094-11-2335995



 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
JOIN NOW



Gallery