මේ පෞද්ගලික අංශ පාසල් වලටත් නිවාඩු? - රජයෙන් විශේෂ ඉල්ලීමක්

Report

රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සෑම බදාදා දිනය සඳහා රජයේ පාසල් ද නිවාඩු ලබා දී ඇති බැවින් රජයේ අනුමත පෞද්ගලික පාසල් ද එම දිනයේ නොපැවැත්වීමට ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.  

බදාදා දිනවල පෙර පාසල් ද වසා තබන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා සෑම බදාදා දිනකම නිවාඩු ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

මේ අතර, බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති දැනුම් දී ඇත.

එසේම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (16) සඳහන් කළේ සෑම සතියකම බදාදා දිනය අධිකරණ සේවා, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් බවයි.

උපකාරක පන්ති පැවැත්වීම තහනම් - පෞද්ගලික අංශයටත් නිවාඩු ලබාදෙන මෙන් රජයෙන් යෝජනාවක්

උපකාරක පන්ති පැවැත්වීම තහනම් - පෞද්ගලික අංශයටත් නිවාඩු ලබාදෙන මෙන් රජයෙන් යෝජනාවක්

ලංකාවත් යුද්ධයට එකතු වෙයිද? ඇමරිකානු මිලිටරිය ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් ගැනීමේ උත්සහයක - භයානක හෙළිදරව්වක්

ලංකාවත් යුද්ධයට එකතු වෙයිද? ඇමරිකානු මිලිටරිය ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් ගැනීමේ උත්සහයක - භයානක හෙළිදරව්වක්