ප්‍රසිද්ධ රෝහල් ජාලයකට අදාලව සිදුවූ මහාපරිමාණ ජාවාරමක් හෙළිවෙයි...

Sri Lanka Police Sri Lanka Ministry of Health Sri Lanka
By Aruna May 11, 2023 01:54 AM GMT
Aruna

Aruna

Report

ප්‍රසිද්ධ පුද්ගලික රෝහල් ජාලයක ජා ඇල ශාඛාවේ සේවය කළ මුදල් අයකැමිවරයෙකු විසින් ලක්ෂ 217 කට අධික මුදලක් වංචාකර ඇති බවට කරන ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (10) දිනයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිසිය සඳහන් කළේ, වත්තල - හැඳල ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අදාල සැකකරු අද (11) දින වැලිසර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ පිළිබඳව විමසීමේ දී පොලිසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now