අද සිට පෞද්ගලික බස් ධාවනය 50%කින් සීමා වෙයි - මඟීන් දැඩි අර්බුදයක

Report

ඉන්ධන මිල ඉහළ යාම සහ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අද(08) සිට පෞද්ගලික බස් රථ ධාවනය සීමා කිරීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, මේ වනවිටත් පෞද්ගලික බස් රථවලින් සියයට 25ක් පමණ ස්වයංක්‍රීයව ධාවනයෙන් ඉවත් වී ඇති බවයි.

ඔහු පෙන්වා දුන්නේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් පාඩු සහිතව බස් සේවා පවත්වාගෙන යාම අපහසු වී ඇති අතර, ඒ හේතුවෙන් ධාවන වාර සංඛ්‍යාව අඩු කිරීමට සිදුවන බවයි.

පිලිපීනය හෙල්ලූ භූ කම්පනය - රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්

පිලිපීනය හෙල්ලූ භූ කම්පනය - රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්

“බස් රථ ගමනාගමනය මේ සතියේ සිට සීමා කරන්න අපි තීරණයක් ගත්තා. මාසයක් ඇතුළත කාලයක් බස් රථ ධාවනය කරගන්න යම් සහනයක් ලබාදීම ජාතික ගමනාගමන කොමිෂන් සභාවවත්, අමාත්‍යවරයාවත් යහපත් ප්‍රතිචාරයක් ලබාදී නැහැ.
වාර්ෂික ගාස්තු ප්‍රතිපත්තිය අනිවාර්යයෙන්ම ජූලි මාසයේ මුල් සතියේ දින කිහිපය තුළ ක්‍රියාත්මක කරන්න ඕනේ. අපිට වාර්ෂික ගාස්තුවත් ක්‍රියාත්මක කරන්න නෛතික හැකියාවක් තියෙනවා. මේ සම්බන්ධයෙන් ගිය සිකුරාදා සාකච්ඡා කළා.

මේ මාසයේ අගදී අනිවාර්යයෙන්ම ඩීසල් මිල වැඩිවෙනවා. මේ ගැනත් සලකා බලලා තමයි අපි මේ පාරත් ගාස්තු සංශෝධනය කරන්න කටයුතු කරන්නේ. මෙවර වාර්ෂික ගාස්තු ප්‍රතිපත්තිය ජනතාවට දරාගන්න බැරි වෙයි. මොකද හේතුව සියලු පිරිවැයන් වැඩිවෙලා තියෙනවා. උදාහරණයක් විදිහට සියයට 20කින් 25කින් ඉහළ යන්න පුළුවන්.

සලේ වෙනුවෙන් අද ඉඳන් විපක්ෂය කොළඹ කරන්න යන දේ - රටේම අවධානය

සලේ වෙනුවෙන් අද ඉඳන් විපක්ෂය කොළඹ කරන්න යන දේ - රටේම අවධානය

එවැනි පාඩුවක් තියාගෙන අපිට මේක කරන්න බැහැ. ඒ නිසා තමයි ඉල්ලීමක් කළේ, ඩීසල්වලට යම් සහනයක් දෙන්න කියලා නීතිය අනුව. නමුත් ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ නිසා අපි තීන්දු කළා, දැනටමත් සියයට 25ක් විතර බස් ධාවනයෙන් ඉවත් වෙලා තියෙනවා ස්වයංව. අපි මේ සතියේ අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කරන්න තීරණය කළා. ඒ අනුව මේ සුමානයේ බස් රථ ධාවන කාලසටහන් යම් ආකාරයකට වෙනස් කරලා, බස් රථ ධාවනය සීමා කරන්න.

අත්‍යවශ්‍ය ධාවන වාර සංඛ්‍යාව පමණක් උදෑසන, දහවල් පාසල් ඇරෙන වෙලාව, හවස කාර්යාල ඇරෙන වෙලාවට ගමන් වාර හතරක් ධාවනය වෙන වෙලාවට තුනක් ධාවනය කරන්න කටයුතු කරනවා. මොකද අපිට පාඩු සහිතව බස් ධාවනය කරන්න හැකියාවක් නැහැ. මෙහිදී ගමන් වාර අඩු කිරීමේ සීමාවත් එක්ක ධාවනය වන ප්‍රතිශතය සියයට 50 දක්වා අඩු වෙනවා. මෙහි වගකීම අනිවාර්යයෙන්ම ආණ්ඩුව ගත යුතුයි.” 

ගුරු සහ සිකුරු එකම දවසේ මාරු වෙයි - ලග්න 5කට හදිසි මහා ධන නිධානයක්

ගුරු සහ සිකුරු එකම දවසේ මාරු වෙයි - ලග්න 5කට හදිසි මහා ධන නිධානයක්