සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 350කට නිදහස...
By Parami Dissanayake
හෙට (12) දිනයට යෙදී සිරකරු දිනය වෙනුවෙන් සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් හට නිදහස ලබා දෙන බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසී ය.
ඒ අනුව, රැඳවියන් 350ක් පමණ හෙට දිනයේ නිදහස් කිරීමට නියමිත බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.