අනේද කියන්නේ..සිමෙන්ති කොට්ට දහයක් නිසා වුනු දෙයක්..

Report

පළමු වසරට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන රුපියල් 18,520ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

බලන්නකෝ එළවළු මිල ගණන්වලට අද සිද්ධවෙලා තියන දේ..

බලන්නකෝ එළවළු මිල ගණන්වලට අද සිද්ධවෙලා තියන දේ..

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි පාසලක විදුහල්පතිවරයකු අද (20) අධිකරණයට ඉදිරිපත් කළේය.

සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකරන බවට අල්ලස් කොමිසම විසින් කළ දැනුම්දීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

ඉහළ පොලිස් පුටුවකට නව පත් කිරීමක්..

ඉහළ පොලිස් පුටුවකට නව පත් කිරීමක්..

අදාළ පාසලට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ටල් දහයක් සඳහා වන මුදල පාසල ඉදිරිපිට පිහිටි වෙළඳ සැලකට ගෙවන ලෙස සැකකාර විදුහල්පතිවරයා විසින් පැමිණිලකරුට නියම කර තිබේ.

පසුව එම මුදල ගෙවූ බව දැනුම් දීමෙන් අනතුරුව ඒ පිළිබඳ විමර්ශන සිදුකළ අල්ලස් කොමිසම විසින් මෙම පුද්ගලයා අත්ෙඅඩංගුවට ගෙන තිබුණි.  

You may like this video