විදුහල්පතිවරයෙක් 6 හැවිරිදි දැරියක් ඝාතනය කරයි. - Film එකක් වගේ ඒ අපරාධය වෙලා තියෙන විදිහ බලන්නකෝ. - විස්තරේ මෙන්න.

Murder School Children
By Wayomi Sep 25, 2024 03:03 PM GMT
Wayomi

Wayomi

Report

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඩාහෝඩ් දිස්ත්‍රික්කයේ හය හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට ගත් උත්සාහයට විරුද්ධ වීම නිසා ඇයගේ පාසලේ විදුහල්පතිවරයා විසින් ඇයව හුස්ම සිරකර මරා දමා තිබෙනවා.

පසුව ඔහු ඇගේ සිරුර පාසල් පරිශ්‍රය තුළත් ඇගේ බෑගය සහ සපත්තු පන්ති කාමරය අසලත් දමා ගොස් ඇති අතර 55 හැවිරිදි ගෝවින්ද් නැට් නමැති මෙම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා.

පසුගියදා හය හැවිරිදි දැරියගේ සිරුර ඇගේ පාසල් පරිශ්‍රයේ තිබී සොයා ගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ, ඇය හුස්ම හිරවී මිය ගොස් ඇති බවයි.

සිසුවිය රූම් එක්ක ගිය විදුහල්පති තවමත් ඉස්කෝලේ. - ගුරුවරුන් කණ්ඩායම් දුෂිත විදුහල්පතිට සපෝට්.

සිසුවිය රූම් එක්ක ගිය විදුහල්පති තවමත් ඉස්කෝලේ. - ගුරුවරුන් කණ්ඩායම් දුෂිත විදුහල්පතිට සපෝට්.


අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් නඩු පවරා ඇති අතර, විමර්ශනය සඳහා කණ්ඩායම් 10ක් යොදවා ඇති බවටයි වාර්තා වෙනවා.

දැරියගේ මව පොලිසියට පවසා ඇත්තේ, ඇය සෑම දිනකම විදුහල්පතිවරයා සමග පාසල් ගිය බවත්, දැරිය පාසලට දමා තමා වැඩකට ගිය බවත්ය.

සිද්ධිය වූ දිනයේ ගෝවින්ද් නැට්ගේ දුරකථන ස්ථාන තොරතුරු පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ ඔහු එදින පාසලට ප්‍රමාද වී පැමිණ ඇති බවත්ය.

අනතුරුව පොලිසිය සිදු කළ ඔහුව ප්‍රශ්න කිරීම්වලදී ඔහු මෙම අපරාධය කළ බවට පාපොච්චාරණය කර තිබෙනවා.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.


පාසල් යාම සඳහා දැරිය විදුහල්පතිවරයාගේ මෝටර් රථය වෙත මව විසින් ඇරලවා ඇති අතර, නමුත් ඇය පාසලට නොපැමිණි බව ඇයගේ ගුරුවරුන් සහ යහළුවන් පවසා තිබෙනවා.

පාසලට යන අතරමගදී විදුහල්පතිවරයා ඇයට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති අතර, ඇය කෑ ගැසීමට පටන් ගත් පසු කෑගැසීම වැළැක්වීමට විදුහල්පතිවරයා දැරියගේ හුස්ම හිර කර බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඉන් පසුව පාසලට පැමිණි විදුහල්පතිවරයා දැරියගේ සිරුර සිය මෝටර් රථයේ තබා වාහනය අගුලු දමා ඇති අතර, සවස 5ට පමණ ඔහු ඇගේ සිරුර පාසල් ගොඩනැගිල්ල පිටුපස දමා පාසල් බෑගය සහ සපත්තු ඇගේ පන්ති කාමරය අසලින් තබා තිබෙන බව සඳහන්.

විදුහල්පතිවරයා සිද්ධිය පිළිබඳව ප්‍රථමයෙන් ප්‍රතික්ෂේප කර ඇති නමුත් තාක්ෂණික විශ්ලේෂණයෙන් පසුව පොලිසිය ඔහුව සැකකර ඇති අතර පසුව ඔහු සිද්ධිය පාපොච්චාරණය කර තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.(UPDATE)

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.(UPDATE)

රජයෙන් දැනුම් දීමක්. - වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර ආශ‍්‍රිත නිෂ්පාදන මිල අඩු කරන ලෙස දන්වයි. - නැත්නම් සිදු වන දේ මෙන්න.

රජයෙන් දැනුම් දීමක්. - වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර ආශ‍්‍රිත නිෂ්පාදන මිල අඩු කරන ලෙස දන්වයි. - නැත්නම් සිදු වන දේ මෙන්න.

අනුරගේ ආගමනයත් එක්ක රටටම සුබ වෙලාද?. - හිතාගන්නවත් බැරි විදිහට එලවලු මිල ගණන් පහලට. - නව මිල ගණන් මෙන්න.

අනුරගේ ආගමනයත් එක්ක රටටම සුබ වෙලාද?. - හිතාගන්නවත් බැරි විදිහට එලවලු මිල ගණන් පහලට. - නව මිල ගණන් මෙන්න.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%