ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.(UPDATE)

CID - Sri Lanka Police Ministry of Education Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Education
By Wayomi Sep 25, 2024 07:16 AM GMT
Wayomi

Wayomi

Report

මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ, ඒ සඳහා ප්‍රකාශ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශයේ හා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට දිනයේ කොමිසම හමුවට කැඳවා ඇති බවයි.

මෙහිදී ශිෂ්‍යත්ව විභාගයට මුහුණු දුන් බහුතර අපේක්ෂකයින් සංඛ්‍යාවකට එමගින් සිදුව ඇති බලපෑම හා ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වීම සම්බන්ධයෙන් මෙහිදී ගැඹුරින් සලකා බලන බව ද ඔහු සඳහන් කළා.

අනුරගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ අනාගතය IMF එකෙන් විශේෂ නිවේදනයක්.

අනුරගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ අනාගතය IMF එකෙන් විශේෂ නිවේදනයක්.


මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් හෙළිවූ කරුණු මත ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් වන තෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම තාවකාලිකව අත්හිටුවීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේ ය.

.......................UPDATE ....................................................................................

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පවත්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙම සතිය ඇතුළත තීරණයක් ගැනීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම තීරණය ගැනීම ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතුරු වාර්තාවක් හෝ විභාග දෙපාර්තමේන්තුවට මෙතෙක් නොලැබීමය. අනුමාන ප්‍රශ්න සාකච්ඡා කළ අලව්වේ ගුරුවරයා සැඟවී සිටීම සිද්ධියට අදාළ පරීක්ෂණ ප්‍රමාද වීමයි.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.


මේ වන විට අනාවරණය වී ඇති පරිදි දැනට අත්අඩංගුවට ගෙන සිටින ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අධ්‍යක්ෂ ඊ.පී.එස්. ප්‍රේමතිලක විසින් ප්‍රශ්න පත්‍ර සකස් කරන මණ්ඩලයට ඉදිරිපත් කළ ප්‍රශ්න 16ම විභාගයට පෙර අනුමාන ප්‍රශ්න ලෙස සාකච්ඡා කර ඇති අතර එම ප්‍රශ්න 16න් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වී ඇත්තේ ප්‍රශ්න 3ක් පමණි.

එමෙන්ම විභාගයට පෙර එම ප්‍රශ්න 16ම සාකච්ඡා කර තිබෙන හෙයින් එම ප්‍රශ්න පිට වී ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවෙන් නොවන බව තහවුරු වී ඇත.

දිවුරුම් දුන්න ගමන් ජනපති අනුර බිම ඉඳගෙන කරපු දේ දැක්කද? - (PHOTOS)

දිවුරුම් දුන්න ගමන් ජනපති අනුර බිම ඉඳගෙන කරපු දේ දැක්කද? - (PHOTOS)


පරීක්ෂණ පවත්වන අංශවලට ගැටලුවක් වී ඇත්තේ සැලසුම් අධ්‍යක්ෂවරයා සකස් කළ ප්‍රශ්න අලව්වේ ගුරුවරයාට ලබා දුන්නේ ද නැතහොත් අලව්වේ ගුරුවරයා සකස් කළ ප්‍රශ්න සැලසුම් අධ්‍යක්ෂවරයා ලබා ගෙන ඒවා ප්‍රශ්න පත්‍ර සකස් කරන මණ්ඩලයට ලබා දුන්නේද යන්නයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් පත් කරන ලද කමිටුව අලව්වේ ගුරුවරයාගේ නිවසට ගොස් ප්‍රකාශයක් ගෙන තිබූ අතර එහිදී ඔහු පවසා ඇත්තේ එම ප්‍රශ්න තමන් සකස් කළ බවට තහවුරු කළ හැකි ලේඛන ඉදිරිපත් කළ හැකි බවයි.

රටවල් දෙකකින් වාහන වර්ගයක් ගෙන්වීම නවත්වයි. - ඒකට හේතුව මේ වගේ භයානක දෙයක් කියලා දන්නවද?

රටවල් දෙකකින් වාහන වර්ගයක් ගෙන්වීම නවත්වයි. - ඒකට හේතුව මේ වගේ භයානක දෙයක් කියලා දන්නවද?


මේ අතර සබරගමුව පළාතේ පාසලක සිට විභාග දෙපාර්තමේන්තුවට පැමිණ මේ වන විට විශ්‍රාම ගොස් සිටින නිලධාරියෙක් සම්බන්ධ වී වසර අටක සිට ප්‍රශ්න පත්‍ර මුදලට අලෙවි කර තිබෙන බවට බුද්ධි අංශ මේ වන විට අනාවරණය කර ගෙන තිබෙනවා.

අනුර ජනපති වෙද්දීම ලංකාවෙන් පැන්න මැති ඇමතිවරු සහ ක්‍රියාකාරකයින් ලැයිස්තුව මෙන්න.

අනුර ජනපති වෙද්දීම ලංකාවෙන් පැන්න මැති ඇමතිවරු සහ ක්‍රියාකාරකයින් ලැයිස්තුව මෙන්න.

ජනපති අනුරගේ ප්‍රතිපත්තියට මොකක් වෙයිද? - ජනාධිපතිට හෙලිකොප්ටර්, පරිවාර ගිලන් රථ නීතියක්. - එය කඩ කලොත් සිදු වන දේ මෙන්න. - (VIDEO)

ජනපති අනුරගේ ප්‍රතිපත්තියට මොකක් වෙයිද? - ජනාධිපතිට හෙලිකොප්ටර්, පරිවාර ගිලන් රථ නීතියක්. - එය කඩ කලොත් සිදු වන දේ මෙන්න. - (VIDEO)


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%