රජයෙන් දැනුම් දීමක්. - වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර ආශ‍්‍රිත නිෂ්පාදන මිල අඩු කරන ලෙස දන්වයි. - නැත්නම් සිදු වන දේ මෙන්න.

Report

බිත්තර මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදී දිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වෙළෙඳ ප්‍රජාව වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.


එම නිවේදනය මෙන්න.

"බිත්තර මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීම

වෙළෙඳ පොලෙහි බිත්තර මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහත බැස ඇති අතර, බිත්තරයක මිල රු.28/- ත් රු.35/- ත් අතර වූ මිල පරාසයක පවතින බව අද දින මාධ්‍ය මගින්ද වාර්තා කර ඇත. මෙම වාසිය පාරිභෝගිකයා වෙත ලබාදිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, වෙළෙඳ ප්‍රජාව වෙත දැනුම් දෙනු ලැබේ.

ඉහත මිල අඩු වීමට සාපේක්ෂව බිත්තර ආශ්‍රිත නිෂ්පාදන වල ද මිල අඩු විය යුතු අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස බේකරි හිමියන්ගේ සංගමය, සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය ඇතුළු බේකරි සහ හෝටල් හිමිකරුවන් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙනු ලබයි.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.(UPDATE)

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වෙයි.? - වසර 8ක් තිස්සේ ප්‍රශ්න පත්‍ර අලෙවි වූ හැටි සහ තවත් තොරතුරු රැසක් එළියට.(UPDATE)


එසේම අලෙවි කරනු ලබන බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල පැහැදිලිව ප්‍රකටව පෙනෙන ආකාරයට වෙළෙඳ සැලෙහි ප්‍රදර්ශනය කළ යුතු බව වැඩි දුරටත් දැනුම් දෙනු ලබන අතර එසේ සිදු නොකරනු ලබන වෙළෙදුන් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් සිදු කිරීමට කටයුතු කරනු ලබන බව ද වැඩිදුරටත් දැනුම් දෙනු ලබයි.

සභාපති - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය"

ජනපති අනුරගේ ප්‍රතිපත්තියට මොකක් වෙයිද? - ජනාධිපතිට හෙලිකොප්ටර්, පරිවාර ගිලන් රථ නීතියක්. - එය කඩ කලොත් සිදු වන දේ මෙන්න. - (VIDEO)

ජනපති අනුරගේ ප්‍රතිපත්තියට මොකක් වෙයිද? - ජනාධිපතිට හෙලිකොප්ටර්, පරිවාර ගිලන් රථ නීතියක්. - එය කඩ කලොත් සිදු වන දේ මෙන්න. - (VIDEO)



Gallery