ආණ්ඩුවට කොකා පෙන්නපු මාලිමා මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්

Report

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ලබන නොවැම්බර් මස 26 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඉකුත් නොවැම්බර් මස 5 වන දින අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝවකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගැනුනා.

මෙම වැටලීම අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදු කළේ එප්පාවල නල්ලමුදාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද ‍තොරතුරක් මතයි.

එහිදී අදාළ විදුහල්පතිවරයාට අයත් බව කියන එප්පාවල, ඇදගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිටුපස වළ දමා තිබූ මෙම හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 185ක තොගය සොයාගෙන තිබුණා.

පොලීසිය සඳහන් කළේ අදාළ විදුහල්පතිවරයා විසින් ඒ අසල පිහිටි වැවකට දමා තිබූ මත්ද්‍රව්‍ය මැනීමට භාවිතා කරන විද්‍යුත් තරාදියක් සහ පොලිතීන් සීලර් යන්ත්‍රයක් ද සොයාගෙන ඇති බවයි.

මාලිමා මන්ත්‍රීනිගේ විදුහල්පති සැමියා වමාරයි - මන්ත්‍රීනියට පාතාලේ එක්ක තියෙන සම්බන්ඳතාත් එළි වෙයි

මාලිමා මන්ත්‍රීනිගේ විදුහල්පති සැමියා වමාරයි - මන්ත්‍රීනියට පාතාලේ එක්ක තියෙන සම්බන්ඳතාත් එළි වෙයි

ඒ අනුව අදාළ විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජනබලවේගය පක්ෂයේ පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරියක් වන බව ද පසුව හෙළි විය.

එමෙන්ම විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මීට මාසයකට ඉහත දී හෙරොයින් ග්‍රෑම් 25ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව අනාවරණය විය.

අනතුරුව අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබුණා.

කෙසේ වෙතත් සැමියාට සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමේ සිදුවීම නිසා පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

ලංකා බැංකුවේ ගණුදෙනුකරුවන්ට මෙන්න අලුත් ආරංචියක්

ලංකා බැංකුවේ ගණුදෙනුකරුවන්ට මෙන්න අලුත් ආරංචියක්