මාලිමා මන්ත්‍රීනිගේ විදුහල්පති සැමියා වමාරයි - මන්ත්‍රීනියට පාතාලේ එක්ක තියෙන සම්බන්ඳතාත් එළි වෙයි

Report

එප්පාවල කටියාව යායදහය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිට අයත් හෝටලය පිටුපස වළ දමා තිබූ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් දෙකකට ආසන්න බව පොලීසිය පවසයි. එසේම එහි වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බවද වාර්තා වේ.

කෙසේ වෙතත් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී ඩුබායිහි රැඳී සිටින ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු (ෂශී) විසින් කොස්ගොඩ සුජී නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ සබඳතා පවත්වමින් සිය පුත්‍රයා සමඟ මෙම හෙරොයින් ජාවාරම සිදු කර තිබෙන බවට විදුහල්පතිවරයා පාපෝච්චාරණය කර ඇත.

එසේම අදාළ මන්ත්‍රීවරියද නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ඥාතියෙකු බවට හෙළි වී තිබෙනවා.

NPP මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කරයි

NPP මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කරයි

එමෙන්ම සැකකාර විදුහල්පතිවරයාගේ දෙවැනි පුත්‍රයා වන 26 හැවිරිදි හිරාන් මියුරංග බාලසූර්ය නැමැත්තාද මීට පෙර හෙරොයින් ග්‍රෑම් 21ක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සඳහන්.

ඒ අනුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මත ඔහුගේ මිතුරෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හෙරොයින් තොරතුරු හෙළි විය.

මේ අතර අත්අඩංගුවේ පසුවන විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී ඇත.  

දිවයිනේ සියලුම පාසල් සඳහා විශේෂ දැනුම්දීමක්

දිවයිනේ සියලුම පාසල් සඳහා විශේෂ දැනුම්දීමක්

අස්වැසුම ගැන විශේෂ නිවේදනයක් - ගෙවල්වලටත් එනවා

අස්වැසුම ගැන විශේෂ නිවේදනයක් - ගෙවල්වලටත් එනවා