"ඉහළට.. ඉහළට.." - තවත් මිල ඉහළ දැමීමක් ගැන එකවරම දැනුම්දීමක් මෙන්න.
ආහාර ඇණවුම් සඳහා වන මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය විසින් ය.
එම සංගමය සඳහන් කළේ, වත්මනයේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ වෙළඳපොළ තුළ භාණ්ඩ සහ සේවා මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව ඉදිරියේ ලැබෙන ඇණවුම් සඳහා වන මිල 10% කින් ඉහළ දැමීමට තීරණය කළ බව එහි සභාපති සාලිය රවීන්ද්‍ර කියා සිටියේ ය.
එමෙන්ම, වැඩිදුරටත් ඔහු සඳහන් කළේ දැනට ලැබි ඇති ඇනවුම් සඳහා 5%කින් ඉහළ දමන බවයි.
Sponsored By Sarrita Jewellery
