තරු පෙන්නපු එළවළු මිලට අද මොකද වුණේ දන්නව ද?.

Report

අද (19) එළවලු මිලෙහි යම් අඩු වීමක් දක්නට ලැබිණ.

තරු පෙන්නපු එළවළු මිලට අද මොකද වුණේ දන්නව ද?. | Vegetable Prices In Sri Lanka 19Th January 2024

ඒ පසුගිය දිනවලට සාපේක්ෂව යි.

පසුගිය දිනවල වෙළෙඳපොළේ එළවලු මිල ගණන් අසීමිත ලෙස ඉහළ ගියේ ය.

එළවලු මිල ඉහළ යාම හමුවේ පාරිභෝගිකයින් එළවලු මිල දී ගැනීමෙන් වැළකී සිට ඇති බවට තොරතුරු වාර්තා විය.

පසුගියදා කැරට් කිලෝවක මිල රුපියල් 3000ක් තරම් ඉහළ ගියේ ය.

එමෙන්ම, සෙසු එළවලු වර්ග රැසක ද මිල පැවතියේ ඉතා ඉහළ මට්ටමක වේ.

ඒ අනුව කැරට්, බෝංචි, මාළු මිරිස්, ගෝවා, රාබු, බීට්රූට්, අමුමිරිස්, ඇතුළුව එළවළු මිල ඉතා ඉහළ ගියේ පාරිභෝගිකයාට දැරිය නොහැකි ලෙසයි.

තරු පෙන්නපු එළවළු මිලට අද මොකද වුණේ දන්නව ද?. | Vegetable Prices In Sri Lanka 19Th January 2024

එලෙස ඉහළ ගියේ කිලෝවක මිල ආසන්න ලෙස රුපියල් 1000 ඉක්මවමින් වේ.

වෙළඳුන් කියා සිටියේ පසුගිය දිනවල ඇද හැලුණු අධික වැසි හමුවේ ගොවිබිම්වලට සිදු වූ හානිය මෙම මිල ඉහළයාමට බලපෑ බවයි.

කෙසේ වෙතත්, මේ වනවිට යළිත් වෙළෙඳපොළේ එළවලු මිල යම් මට්ටමකට පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පැවතියේ මෙලෙසිනී,

මල් ගෝවා (1kg) - රු.550 - 600

ගෝවා (1kg) - රු. 540 - 550

බෝංචි (1kg) - රු. 450 - 500

කැරට් (1kg) - රු. 900 - 1400

ලීක්ස් (1kg) - රු. 440 - 450

වම්බටු (1kg) - රු. 500 - 550

මාළු මිරිස් (1kg) - රු.900 - 950

Sponsored By Sarrita Jewellery

තරු පෙන්නපු එළවළු මිලට අද මොකද වුණේ දන්නව ද?. | Vegetable Prices In Sri Lanka 19Th January 2024