වැඩි පඩියකට රජය හරහා ඊශ්‍රායලයේ රැකියාවකට පිටත් වීමට ඔයාටත් නියම චාන්ස් එකක්

Report

ලබන වසරේ සිට ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලයේ රැකියා සඳහා බඳවා ගැනීම රජයන් අතර ඇති කරගනු ලබන ගිවිසුම් යටතේ පමණක් සිදු කිරීමට ඊශ්‍රායල රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් දැනුම් දී ඇති මෙම නව ප්‍රතිපත්තිමය තීරණය අනුව, බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන හරහා දැනට ක්‍රියාත්මක ඊශ්‍රායල රැකියා බඳවා ගැනීමේ වැඩසටහන 2026 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වේ.

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය

ඉදිකිරීම්, කාර්මික, වාණිජ හා සේවා ඇතුළු සියලු ක්ෂේත්‍රයන් හි රැකියාවලට මෙය අදාළ වන අතර, 2027 වසරේ සිට ක්‍රියාත්මක වන නව ක්‍රමවේදය සහ ශ්‍රමික සංඛ්‍යාව ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

2,819 දෙනෙකුට රජයේ රැකියා අවස්ථාවක් - මෙන්න විස්තරේ

2,819 දෙනෙකුට රජයේ රැකියා අවස්ථාවක් - මෙන්න විස්තරේ

මේ අතර, ඊශ්‍රායල රැකියා ලබාදෙන බව පවසමින් පෞද්ගලික පුද්ගලයන්ට හෝ ඒජන්සිවලට මුදල් ගෙවීමෙන් වළකින ලෙසත්, නිල දැනුම්දීමකින් තොරව පෞද්ගලික අංශය පවත්වන සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී නොවන ලෙසත් කාර්යාංශය රැකියා අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, දැනටමත් නීත්‍යානුකූලව මුදල් ගෙවා ඇති පිරිස් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බවත්, ඔවුන් සම්බන්ධ ඉදිරි පියවර පිළිබඳව ඉදිරියේදී නිල වශයෙන් දැනුම් දෙන බවත් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.