ඇඳුම් ඇඳලත් හමාර ද?.
ඇතැම් රෙදිපිළි ව්‍යාපාරිකයින් ඇඳුම් මිල සම්බන්ධයෙන් කියා සිටියේ වැට් බද්ද ඉහළ දැමුව ද වෙළඳපොළේ නිමි ඇඳුම් මිල ඉහළ දමා නොමැති බවයි.

නමුත් සමහර රෙදිපිළි ව්‍යාපාරිකයින් සඳහන් කළේ වැට් බදු ඉහළ දැමීමත් සමග නිමි ඇඳුම් මිල ඉහළ දමා ඇති බවයි.
වැට් බදු සංශෝධනයට පෙර ආනයනය කරන ලද සහ නිෂ්පාදනය කරන ලද නිමි ඇඳුම් බැවින් ඒවායෙහි මිල ගණන් ඉහළ දමා නොමැති බව සමහර රෙදිපිළි ව්‍යාපාරිකයින් පැවසීය.

කෙසේ වෙතත්, වැඩි මිලට නිමි ඇදුම් අලෙවි නොකරන ලෙසට ව්‍යාපාරිකයින් නිමි ඇඳුම් කර්මාන්තයේ නියැලෙන්නන්ගෙන් ඉල්ලා සිටියි.
Sponsored By Sarrita Jewellery
