නොරොච්චෝලේ විදුලිය ගැන කව්රුත් නොදැන ආන්දෝලනාත්මක කතාබහක්
ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික ආර්ථික දර්ශක වාර්තාවලින් අනාවරණය වී තිබෙන පරිදි, නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන ධාරිතාව ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය නිසා සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවට ආන්දෝලනාත්මක කතාබහක් ඇති වී තිබේ.
ඒ අනුව, මාර්තු 3 වැනිදා ගල්අඟුරු දහනයෙන් ජාතික විදුලි පද්ධතියට එක්කර ඇත්තේ ගිගාවොට් 34.2ක විදුලි ප්‍රමාණයක් වන අතර, ඉකුත් 17 වැනි දිනයේදී එම අගය ගිගාවොට් 26.2 දක්වා පහත වැටී තිබේ.
කෙසේ වෙතත්, එම වාර්තාවලට අනුව මාර්තු 3 වැනිදා ඩීසල් බලාගාර මගින් උත්පාදනය කර ඇත්තේ ගිගාවොට් 18.7ක පමණ විදුලියක් වන අතර, මාර්තු 17 වැනිදා එම අගය ගිගාවොට් 26 දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
ඉන්ධන සැපයුම සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් පවතින පසුබිමක, විදුලි ජනනය සඳහා ඩීසල් බලාගාරවලට වැඩි වැඩි දායකත්වයක් ලැබීමෙන් අඛණ්ඩ විදුලි සැපයුමට බාධා එල්ල වීමේ ඉහළ අවදානමක් තිබෙන බව විදුලි විශේෂඥයින්ගේ මතය වී තිබේ.