අද සිට අංක තහඩුවේ අවසාන අංකයට ඉන්ධන නිකුත් කිරීම ක්‍රියාත්මකයි

Report

පවතින ඉන්ධන හිඟය හමුවේ ඔත්තේ, ඉරට්ටේ අංක අනූව ඉන්දන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනූව QR කේතයට ඉන්ධන නිකුත් කිරීමේ දී වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව අද (19) දිනයේ සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව එම සංස්ථාව පවසයි.   

අංක තහඩුවේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කරනු ඇති බව එහි කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේය.   

මතුවී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීම සහ රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගත යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය පසුගිය 16 වන දා සිට පියවර ගනු ලැබීය. 

QR එකෙන් තෙල් ගහපු නැති අයට සුබ ආරංචියක් - හෙට මේ අයට ඔත්තේ වුණත් ඉරට්ටේ වුණත් කරන්නේ මේකයි

QR එකෙන් තෙල් ගහපු නැති අයට සුබ ආරංචියක් - හෙට මේ අයට ඔත්තේ වුණත් ඉරට්ටේ වුණත් කරන්නේ මේකයි

වාහන අංක තහඩුවෙන් තෙල් ගන්න විදිහක් නැද්ද? ආදායම් බලපත්‍රය, දුම් සහතිකය ඇතුළු රැසකට ඉන්ධන - අලුත් ක්‍රමයක් මෙන්න

වාහන අංක තහඩුවෙන් තෙල් ගන්න විදිහක් නැද්ද? ආදායම් බලපත්‍රය, දුම් සහතිකය ඇතුළු රැසකට ඉන්ධන - අලුත් ක්‍රමයක් මෙන්න