නිල රථයේ සියලු විස්තර දාන්න කලින් ඉල්ලා අස්වෙන්න ජනපති ලේකම්ට අභියෝගයක්
පසුගියදා ජනාධිපති ලේකම්ගේ නිල රථය ඔහුගේ බිරිඳ විසින් භාවිතා කරන අවස්ථාවකදී අනතුරක් සිදුවිය. මෙම අනතුරින් සිව් දෙනකු තුවාල ලැබූ අතර ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල වෙත යොමු කරන ලදී.
එයින් අනතුරුව මෙම සිදුවීම පිළිබඳව සමාජයේ බොහෝ දෙනා විවේචනාත්මක ස්වරූපයෙන් කතාබහ කරද්දී තවත් බහුතරයක් දෙනාගේ අදහස වූවේ ජනාධිපති ලේකම් අයථා ලෙස නිල රථය තම බිරිඳට භාවිතා කරන්නට දුන් වරද හේතුවෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන්මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් කර තිබේ. ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම වෙත එක් කොට තිබුණේ සම්බන්ධයෙන් පහත ආකාරයේ ප්‍රකාශයක්.
"ජනාධිපති ලේකම් ඉල්ලා අස්විය යුතුයි කියන මතේ මම තවම ඉන්නෙ. මම ඒ නිල රථයේ ඔක්කොම විස්තර දාන්න කලින් ඉල්ලා අස්වෙන්න. ඔක්කොම උසාවියෙදි දිගහැරෙනව හරිද! මම මේ යට දාන්නෙ සිවිල් සේවයේ ඉහලටම ගිය විශ්‍රාමික අන්කලයෙක් මම මේ ගැන ඔහුගේ මතය ඇහුව්වම කී දේ. මම එකඟ නැහැ අංකල් ඔයාගෙ උත්තරේට කියල මම උත්තරයක් යැව්ව. මම මේව ගැන නඩු තීන්දුම ගොඩක් කියවල තියෙනව. දැන් ඉන්න විනිසුරු අය එක්ක මම මේව බෙදා හදාගෙන සාකච්ඡා කරල තියෙන්නෙ ගොඩාක් ඉස්සර ඉඳන්.
මේකෙ තියෙන වැදගත්ම දේ චක්‍ර ලේඛ තියෙනව, ඒ අනුව ගියෙ කියල නලින්ද මල්ලි කියන එක. ඒක අනුවයි මේ අංකල්ට මේව හරිලු! එක ඒක හරි කියල හිතුවත් - රුපියල් 300ක් ගෙවල! පුහ්! ඒක හරි උනත් 1983දි රුපියල් 300ක් කියල නියම කරපු ගාන අද ගෙවන එක හරිද? දෙක මෙතන ඇක්සිඩන්ට් එකෙදි අහුවන ජනාධිපති ලේකම් ඒ 300යවත් ගෙවල නැහැ. ඒ වාහනේ ලොග් එන්ට්‍රි එක ඉල්ලන්න උසාවිය. එතකොට තේරෙයි ඇත්ත නැත්ත.
මම දන්නව ඔක්කොම. අපි පැතුවෙ මෙහෙම රාජ්‍ය පාලනයක් නෙමෙයි! වයිෆ්ගෙ බිලක් වැරදිල මන්ත්‍රී වියදමට දාපු අයත් මහජනයගෙන් සමාවත් අරං ගෙදර ගියා. ඒකයි මහජන නියෝජිතයින් සහ ප්‍රධාන නිලධාරීන්ගේ වගකීම සහ වගවීම. කියවන්න The United Kingdom parliamentary expenses scandal.
මේ තියෙන්නෙ අර මම කියපු අංකලය මට ලියපු එක අද; //Uvindu, Could you please verify whether this is acceptable? Of course, this is an old bureaucrat's thinking, and may not suit revolutionaries! දෙපාර්තමේන්තු ප්‍රධානී රජයේ නිලධාරීන්ගේ පෞද්ගලික කාර්යයන් සඳහා වාහන භාවිතය පිලිබඳ පැරණිම (1983 වැනි සමයේ) ස්තාවරය වුයේ රියදුරු නොමැතිවිට, මුලින්ම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා, අවසරය දීමයි. ඉන් අදහස් වුයේ රියදුරු බලපත්‍ර සහිත නිලධාරියෙකුට වාහන පැදවීමේ අවසරයද දීමකි එහිදී රුපියල් 300 වැනි මාසික ගෙවීමක් කළ යුතුවිය.
අද පෙට්‍රෝල් ලීටරයක් ඊට වඩා මිලය! වාහනය රක්ෂනයද අවශ්‍යවෙයි. (දැන් එය අනීවාර්යයෙන්ම සිදුවෙතැයි හඟිමි.). කල් යත්ම චක්‍රලේඛ මගින් එය සිදුකළේය. ලේකම්වරුන් සඳහාද එය එසේ වීයයි උපගමනය කරන්නේ අමාත්‍ය මණ්ඩල තීරණ ගැනීමේදී ඒකාකාරව ක්‍රියා කළ යුතු හෙයිනි. එකල සිටි ලේකම්වරයෙකු, ලේකම්වරුන්ගේ තත්ත්වය දනී. ඔවුන් බොහෝ දෙනා මියැදී ගොස්ය.
හදිසි අවස්තාවකදී නිලධාරියෙකුට හෝ පවුලේ සාමාජිකයෙකුට හෝ අසල්වැසියෙකුට හෝ උපකාරීවීමට නිල වාහනය පාවිච්චි කිරීමට තහංචි පැනවීමේ සාධාරණක් නොමැතිය. එවන් තහංචියක් නොතිබුනි. එවන් විටෙක හැර, සාමාන්‍යයෙන් පවුලේ සාමාජිකයින්ට (විශේශයෙන්ම දරුවන්ට) මෙම පහසුකම සැපයීමට රජයේ නිලධාරීහු බොහෝවිට දිගුකාලීනව ක්‍රියා කළහ.
එදාද, අදද නගරබද පාසල් අරඹන හා වසාදමන අවස්තාවේදී එවන් පාසැල් අසල නවතන රජයේ හා හමුදා නිලධාරීන්ගේ වාහන තුල, වාහනය හිමි නිළධාරීන් දකින්නට නොමැත. මේ සමහර නිලධාරීන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් හෝ ලේකම්වරු නොවෙති. එම තත්ත්වය යටතේ අසුගනන්වල අනුමැතීන් වෙනස්ව ඇත්දැයි පැවසිය හැක්කේ චක්‍රලේඛ අනුසාරයෙනි. විශේෂයෙන්ම හමුදා නිලධාරීන්ට මෙම පහසුකම ගැටුම් සමයේ වැඩියෙන්ම ලැබී තිබුණු අතර දැන් ගැටුම් නැතිව වුවද රජය ඒ පහසුකම වෙනස් කර නොමැත.
එකල හමුදාවල උසස්ම නිලධාරීන්ගේ භාර්යාවන්ට හා දරුවන්ට පාවිච්චියටද වාහන දී තිබුනැයි පැවසේ. යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරයෙකු හෝ නාවුක හෝ ගුවන් කොමදොරුවරයෙකුට නිල වාහන පාවිච්චියට ඇති පරිචයාත්මක අවසරය, ජනාධිපති ලේකම් වරයාට හෝ ලේකම්වරයෙකුට හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට නොමැතියි පැවසීම රාජ්‍ය සේවා ධූරාවලිය අනුව නොපෑහෙන්නේ, සදාචාරය මෙන්ම පරිචය හා අන් කරුණුද මෙහිදී සැලකිල්ලට ගත යුතු හෙයිනි.
පසුගිය දිනක සිදුවූ බවට වාර්තාවූ රියගැටුම දෙස බැලිය යුත්තේ බලපවත්නා චක්‍රලේඛ අනුසාරයෙනි. දැනට බලපැවැත්වෙන චක්‍රලේඛ, ලේකම්වරයා නොමැතිවිට, නිල රියදුරුට පවුලේ අන් අයෙකු හෝ හදිස්යකට පිටස්තරයෙකු රැගෙන යාමට අවසරයක් දී ඇත්ද? නැත්නම්, අවසරය දී ඇත්තේ නිල රියැදුරු නොමැතිවිට ලේකම්වරයාට / නිලධාරියාට වාහන පැදවීමටද?
සිදුවන්නේ පලමුවැන්නනම්, ඔහුගේ පවුලේ සාමාජිකයන් වාහනයේ යාම වරදක්වන්නේ නිල වාහනය කාර්යයක් සඳහා, රියැදුරු නොමැතිවිටක පමණක් රිය පැදවීමට නිලධාරියාට අවසරයක් දී ඇතිනම්ය. තවත් මෙවන් සංකීර්ණ අවස්ථා සංකලන තිබිය හැකිය. ජනාධිපති ලේකම්වරයාගේ නිලරිය, නිල රියදුරු පදවනවිට භාර්යාව සමග යනවිට ගැටුමකට පත්වීම දෙස බැලිය හැකි විකල්ප ඇත. (1) රියගැටුමේ වරදකරු නිල රියදුරුනම් අධිකරණය දෙන නියෝගයකට ඔහු යටත් විය යුතුය; අධිකරණ නියෝගය පරිදි පියවර ගත යුතුය.
රියට හෝ පුද්ගලයන්ට වූ අලාභ හෝ අන් පිරිවැය වරදකරු ලෙස තීරණය වන පාර්ශවය දැරිය යුතුය; (2) නිල වාහන භාවිතයේ පරිචය හෝ සදාචාරය මතනම් ඉහත හතරවැනි හා පස්වැනි චේදයන්හි සඳහන් තත්ත්වයන්ටද තහංචි පැනවෙන පරිදි ක්‍රියාකළ යුතුය. විප්ලවීය වුවද, පරිස්සම අවශ්‍යය. (3) මෙසේ නිල රිය පෞද්ගලිකව පාවිච්චියට අනාගතයේ අවසර දෙන්නේ නම් අදාළ චක්‍රලේඛ යාවත්කාලීනව සමාලෝචනය කළ යුතුය. // මම මේ තර්කයට එකඟ නැත අංකල්.
ඔය හදි අවස්තවන් ගැන ඔයා මටම ලිව්වෙත් මම ඔයාට කියපු එක අහගෙන ඉදල! 😂නිල රථය පවුලේ පාවිච්චියට හෝ පුද්ගලික පාවිච්චියට ගන්න පුලුවන් අති විශේෂ අවස්ථාවක විතරයි. උදාහරණයකට ඉස්පිරිතාලෙ ගෙනියන්න කවුරු හරි. සාධාරණීයකරණය කළ හැකි හදිසි අවස්ථාවක් වගේ දේවල්වලදි විතරයි. ඒත් ඒවටත් ලොග් එන්ට්‍රීස් තියෙන්න ඕන. මේ ගැන නඩුකාර අය ඉදිරියේදි දෙන තීන්දුව ඉදිරියට යහපත් පාලනයක් ගැන සිහින් දකින අයට වැදගත් වෙයි."
