ජනපති අනුර කුමරා නාගදීපයට

Report

උතුරේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක නාගදීප රජමහා විහාරයට වැඳපුදාගෙන ආශීර්වාදය ලබාගෙන ඇති අතර ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා, අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් බැහැදැක ආශීර්වාදය ද ලබාගත්තේය.

එහිදී මෑතකාලීනව වඩාත් ආන්දෝලනකයකට තුඩු දුන් යාපනය, තෛයිට්ටි තිස්ස විහාරය සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති අතර තිස්ස විහාරය පෞද්ගලික ඉඩමක ඉදිකර ඇති බවට පදුමකිත්ති තිස්ස නාහිමි මෑතකදී ප්‍රකාශ කර තිබීමත් අවදානයට ලක්ව ඇත