සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැනුම්දීමක්

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පවත්නා මූල්‍ය සීමාවන් තුළ පිහිටා ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය උදෙසා යෙදවීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් සඳහන් කළා.

එසේම ප්‍රාග්ධනය වියදම් ලෙස කොපමණ මුදල් වෙන් කළද ප්‍රශස්ත මට්ටමින් ඒවා වැය කර අවශ්‍ය භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීමට මෙතෙක් පැවති රාජ්‍ය යාන්ත්‍රණය අසමත් වීම නිසා මෙරට ජනතාවට සංවර්ධන අවස්ථා බොහොමයක් මඟහැරී ගිය බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

තවද ඇතැම් අවස්ථාවල අයවැය සකස් කිරීමේදී ‘වියදම් නොවී ඉතිරි වන මුදල්’ පුරෝකථනය කරන තත්ත්වයක් රටේ තිබූ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම අද කිසිදු ප්‍රමාදයකින් තොරව අවශ්‍ය මුදල් නියමිත පරිදි ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබෙන බවද ඔහු පැවසුවා.

ආන්දෝලනාත්මක මොඩියුලය ගැන පරීක්ෂණයක් අවසන් වන තුරු අගමැතිනිය ඉල්ලා අස්විය යුතුයි - විශාල විරෝධයක්

ආන්දෝලනාත්මක මොඩියුලය ගැන පරීක්ෂණයක් අවසන් වන තුරු අගමැතිනිය ඉල්ලා අස්විය යුතුයි - විශාල විරෝධයක්

ඔහු මේ බව සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරු සමඟ අද දින (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. තවදුරටත් මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන විස්තීර්ණ ණය පහසුකම තුළ පවතින සීමාවන් අනුව වැය කළ හැකි වන්නේ ජාතික නිෂ්පාදනයෙන් 13%ක් වැනි ප්‍රමාණයක් බවත්, එයින් අවම 4%ක්වත් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ යුතු බවත් ය.

එමෙන්ම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අමාත්‍යාංශ වෙත මුදල් වෙන් කර ඇත්තේ ‘රටේ අත්‍යවශ්‍යතාවලට ප්‍රමුඛතාව’ යන පදනමින් බවයි.

තවද රටේ ප්‍රධානම ආයෝජකයා රජය බව සඳහන් කළ ජනාධිපතිවරයා ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් බිලියන 1400ක් වෙන් කර ඇති බවත්, ඊට අමතරව දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 500ක අතිරේක මුදලක් වෙන් කර තිබෙන බවත් සඳහන් කළා.

රජයේ පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්

රජයේ පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්

එසේම ඔහු අවධාරණය කළේ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මූලික වගකීම වන්නේ වෙන් කර ඇති ප්‍රතිපාදන නිසි ලෙස කළමනාකරණය කරමින් අපේක්ෂිත භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීම බවත්, යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම යනු ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභය අහිමි වීමක් බවත් ය.

මෙහිදී 2026 වසරට අදාළව අමාත්‍යාංශ මට්ටමින් සැලසුම් කර ඇති ව්‍යාපෘති සහ ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ වෙන් වෙන්ව කරුණු ඉදිරිපත් විය.

කෙසේ වෙතත් මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද, අමාත්‍යාංශ ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටි බව සඳහන්.

මේ වාහනවලට ආදායම් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

මේ වාහනවලට ආදායම් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

GalleryGalleryGallery